වකුගඩු රෝග නිවාරණය පිළිබද ජනාධිපති කාර්ය සාධක බළකාය විසින් ගාලු මුවදොර හෝටලයේ අද (16දා) පෙරවරුවේ සංවිධානය කර තිබූ සැසිවාරයකට විරෝධය පළ කරමින් වසවිස විරෝධී ජාතික ව්‍යාපාරය අද එම හෝටලය ඉදිරිපිට විරෝධතාවක නිරත විය.
අද පෙරවරුවේ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා එම සැසිය ඇමතූ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සවස් වරුවේ එම සැසිය ඇමතීමට නියමිතය.
මෙරට කෘෂි රසායන වකුගඩු රෝගයට සෘජුවම වගකිව යුතු සී.අයි.සී ඇතුළු කෘෂි සමාගම් කිහිපයක අධ්යක්ෂ මණ්ඩලයේ කටයුතු කරන මහාචාර්යවරුන්ද එහිදී දේශන පවත්වා තිබෙන බවද වසවිස විරෝධී ජාතික ව්‍යාපාරය පවසනවා.