World

ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 34 ඉක්මවයි

ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3,401,318 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමෙ‌රිකාවෙන් වන අතර, එම සංඛ්‍යාව 1,131,452ක්.

ලොව වැඩිම මරණ සංඛ්‍යාවද වාර්තා වන්නේ ඇමෙරිකාවෙන්.

එම සංඛ්‍යාව 65,776ක්.

ඇමෙරිකාවට පසුව වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ස්පාඤ්ඤයෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 242,988ක්.

ඉතාලියෙන් ආසාදිතයින් 207,428ක්, බ්‍රිතාන්‍යයෙන් ආසාදිතයින් 177,454ක්, ප්‍රංශයෙන් ආසාදිතයින් 167,346ක්, ජර්මනියෙන් ආසාදිතයින් 164,077ක්, තුර්කියෙන් ආසාදිතයින් 122,392ක් සහ රුසියාවෙන් ආසාදිතයින් 114,431ක් ලෙස වාර්තා වේ.

ඇමරිකාවට පසුව වැඩිම මරණ ඉතාලියෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 28,236ක්.

බ්‍රිතාන්‍යයෙන් මරණ 27,510ක්, ප්‍රංශයෙන් මරණ 24,584ක් සහ ස්පාඤ්ඤයෙන් මරණ 24,824ක් ලෙස වාර්තා වේ.

Related posts

ලිංගික අපරාධ ඉහල යාමෙන් පාකිස්තානයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

colombotoday

ෂී ජින් පින් සහ ජෝ බයිඩන් අතර විශේෂිත හමුවක්

Admin

කාන්තාවන්ට විනෝද උද්‍යාන තහනම්

Admin

මලයාසියාවේ අගෝස්තු වන තෙක් හදිසි තත්ත්වයක්.

colombotoday

බලාපොරොත්තු දල්වාගෙන විරතු හිමියෝ ඇමරිකානු ඡන්ද ප්‍රතිඵල බලපු හැටි !

colombotoday

අමෙරිකාවේ වෙඩි තැබීමක්… පුද්ගලයින් 4 ක් මරුට

Admin