Colombo Today Local News

ලං.වි.ම. ඉංජිනේරුවන්ගේ වැටුප 15%කින් කපා දමයි…

ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන්ගේ වැටුප සියයට 15 ක් කපා හැරීමට ලංකා විදුලි බල මණ්ඩලයේ  පාලනාධිකාරීය අද (5) තීන්දු කර තිබේ.

ඒ අනුව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන්ට අප්‍රේල් මාසයේ සිට ලබා දෙන්නේ ඉකුත් මාර්තු මාසයේ ඔවුන් ලබාගත් වැටුපෙන් සියයට 85 ක ප්‍රමාණයක් වන අතර ඒ සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලයේ පාලනාධිකාරිය චක්‍රලේඛනයක් නිකුත් කර තිබිණි.

ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන්ට ඉකුත්  2015 වසරේ සිට නව වැටුප් තලයක් ලබා දීම නීති විරෝදී බවට ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත් දා තීන්දු කිරීම නිසා ඔවුන්ගේ වැටුප එලෙස අඩු කිරීමට තීරණය කළ බව ලංවීම ආරංචි මාර්ග සඳහන් කරයි.

Related posts

මිනුවන්ගොඩ රෝහලේ කාර්ය මණ්ඩලය අවධානමේ PCR පරීක්ෂණ කරන්න – රෝහල් කාර්ය මණ්ඩලය කියයි

colombotoday

සීමානීර්ණය මුවාවෙන් ආණ්ඩුව මැතිවරණය මගහරිනවා.. පැෆරල් කෝ.. කැෆේ කෝ.. කෝ මැකෝ

colombotoday

සංගීත සංදර්ශන පැවැත්වීමට තිබූ කාලය දීර්ඝ කරයි

Admin

මාපියන්ගේ දෑසින් මිදුනු පුංචි පුතු රබර් පටියකට ගෙල සිරවී වී අවසන් ගමන් යයි

Admin

සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකු ගිනිඅවියක් සමග අත්අඩංගුවට

Admin

දිවයින පුරාපැතිර යන අලුත් වෛරස් රෝගයක් ගැන අනතුරු ඇඟවීමක්

Admin