Colombo Today Local News

ලංකාවේ මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කර දේශපාලනික හා ආගමික බලපෑම් සිද්ද වෙලා – යුරෝපා සංගමය පවසයි.

සාමය සහ සංහිඳියාව අනතුරේ හෙළමින් ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන දේශපාලනික හා ආගමික බලපෑම් පිළිබඳව දැඩි අවධානය යොමුව ඇති බව යුරෝපා සංගමය පවසයි.

යුරෝපා සංගමය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ මාධ්‍ය මඟින් නොකඩවා ප්‍රචාරය කරනු ලබන අගතිගාමී සත්‍යතාව තහවුරු කර නොගත් තොරතුරු මඟින් සිදු වන්නේ මෙම නොසන්සුන්කාරී තත්ත්වය වර්ධනය වීම පමණක් බවයි.

ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය. නෙදර්ලන්තය, රුමේනියාව, ස්විස්ටර්ලන්තය සහ නෝර්වේ යන තානාපති කාර්යාල ද එක්සත් රාජධානී මහ කොමසාරිස් කාර්යාලයේ ද එකඟතාව මත මෙම නිවේදනය  නිකුත් කර ඇත.

සියලු ප්‍රජාවන් අතර සාමකාමී සහ පැවැත්ම ආරක්ෂා කිරීම සඳහා කටයුතු කරන සියලු ශ්‍රී ලාංකිකයින්ට සහයෝගය ලබා දෙන බව යුරෝපා සංගමය පවසයි.

එකිනෙකා අතර ගරුත්වය, සාධාරණත්වවය ඇති කිරීමට සහ විශ්වාසය හෝ ජනවර්ගය යන සාධකවලින් තොරව සියලු දෙනාට සමානව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා රජයේ කැපවීම තවදුරටත් තහවුරු කරන ලෙස ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඇතුළු සියලු දේශපාලන නායකයින්ගෙන් තරයේ ඉල්ලා සිටින බව යුරෝපා සංගමය නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.

ඉකුත්දා අග්‍රාමාත්‍යවරයා සමඟ පැවැති සාකච්ඡාවකදී මේ පිළිබඳව අග්‍රාමාත්‍යවරයා දැනුවත් කිරීමට පියවර ගත් බව ද එම නිවේදනයේ සඳහන් කර ඇත.

Related posts

ශ්‍රී ලාංකිකයන්ට ඉතියෝපියාවේ රැකියා අවස්ථා – විදේශ ඇමති මංගල

colombotoday

ළිංමැඩි මානසිකත්වය ප්‍රදර්ශනය කිරිම ලැජ්ජා සහගතයි

colombotoday

ඉන්දියාව – චීනය, ලංකාව මැදි කරගෙන යළි ගැටුමක

colombotoday

යහපාලන ආණ්ඩුව කළ තවත් වැඩක් අවුල් වෙයි.. නැවත සංශෝධනය කරන බව ජනපති කියයි

colombotoday

අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 10කට බලපෑම්.. නිවාස 483කට හානි

colombotoday

රටපුරා ෆෙඩරල් වැඩමුළු… අනුග්‍රහය ඇමරිකානු රජයෙන් !

colombotoday