World

රුසියාව ISIS ත්‍රස්තවාදීන්ගේ ඔලුවටම පහර දෙයි. පළමු ගුවන් ප්‍රහාරයෙන් මර්මස්ථාන අටක් විනාශයි

ISIS සංවිධානයට එරෙහිව රුසියාව පළමු ගුවන් ප්‍රහාරය එල්ල කර ඇත. සිරියාවේ තලාමිෂ් පළාත  ඉලක්ක කරමින් බදාදා පෙරවරුවේ එල්ල කළ මෙම ප්‍රහාර මාළාවෙන් අයිඑස් ත්‍රස්ත සංවිධානයට අයත් අවි ගබඩා, පාලන මධ්‍යස්ථාන ඇතුළු විශේෂ මර්මස්ථාන අටකට දැඩි හානි සිදු වී ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශ වාර්තා දක්වයි.

අයිඑස් ත්‍රස්තවාදීන්ට ගුවන් ප්‍රහාර එල්ල කිරීම සඳහා මග පාදා ගනිමින් රුසියාව සිරියාවට හමුදා යැවීමට ගත් තීරණය රුසියාවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය විසින් ද අනුමත කළේය.

රුසියාව මෙම තීරණය ගත්තේ යුද ආධාර සපයන ලෙස සිරියාව කළ ඉල්ලීමක් අනුවය. ක්‍රෙම්ලිනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරී සර්ජියේ අයිවනෝව් පැවසුවේ රුසියන් පාබල හමුදා සිරියාවට නොයවන නමුත් ගුවන් ප්‍රහාර එල්ල කරන බවයි.

ත්‍රස්ත විරෝධී පුළුල් හවුලක් ඇති කරගත යුතු යැයි රුසියා ජනපති වැල්ද්මීර් පූටින් කීවේය. දෙවැනි ලෝක යුද්ධයේදී හිට්ලර්ට එරෙහිව මිත්‍ර හමුදා එක්වූ ආකාරයෙන් ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමට ත්‍රස්ත විරෝධී රටවල් එක්විය යුතු යැයි පූටීන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී කීවේය.

සිරියාවට හා ඉරාකයේ ත්‍රස්තවාදීන්ට එරෙහිව ඇමරිකාව ප්‍රමුඛ හවුලක් වසරක පමණ සිට ගුවන් ප්‍රහාර එල්ල කරයි. ඇමරිකාව හා ප්‍රංශය සිරියාවට එල්ල කරන ගුවන් ප්‍රහාර අන්තර්ජාතික නීතියට පටහැනි යැයි රුසියාව කියයි.

එක්සත් ජාතීන්ගේ යෝජනාවකින් හෝ සිරියාවේ ඉල්ලීමකින් එවැනි දෙයක් සිදු නොවීම ඊට හේතුව බව රුසියාව පවසයි. සිරියා ජනපති බසීර් අල් අසාද් පැවසූයේ තමා නිල වශයෙන් මොස්කව් යුද සහාය ඉල්ලා ඇති බවයි.




Related posts

Whatsapp සංවාද සුරකින්න “ChatLock” හඳුන්වා දෙයි..

Admin

‘මූන්‘ බැස යයි.. UN නව මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටෙරස් !

colombotoday

නිවුන් සොහොයුරියන් කොවිඩ් නිසා එකටම අවසන් ගමන් යයි

colombotoday

කොරෝනා ආසාදිත ඉන්දීය තරුණිය රෝහලට රැගෙන යමින් සිටියදී ගිලන්රථයේ රියදුරු අපයෝජනය කරලා

colombotoday

රුසියානු නැව් අළුත්වැඩියා කිරීමේ කඳවුරකට යුක්‍රේනයෙන් ප්‍රහාර

Admin

තලෙයිබාන් ප්‍රහාර හමුවේ ඇෆ්ගනිස්ථාන හමුදාවන් පළා යයි – නගරයෙන් නගරයට සටන්කාමින් සිය බලය අල්ලා ගනී

colombotoday