Colombo Today Local News

රාජිත තවත් අනාවරණයක් කරයි.. මේ පාර සිංහලේ රැල්ල ගැනයි

rajitha thajudeen

අනාවරණ කිරීමේ සමතෙකු ලෙස ආණ්ඩුවේ නමක් දිනාගෙන සිටින සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තවත් අනාවරණයක් කරනු ලැබුවා. ඒ මේ දිනවල සමාජ ජාල හරහා ජනප්‍රියව තිබෙන ‘සිංහලේ රැල්ල’ ගැනයි.

අද (07)පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පැවසුවේ සමාජජාලා හරහා ජනප්‍රියව තිබෙන “සිංහලේ” රැල්ල පිටුපස සිටින්නේ මංගල සමරවීර අමාත්‍යවරයාගේ හිටපු මාධ්‍ය සම්බන්ධීකාරකවරයා වන රුවන් ෆර්නෑන්ඩස් මහතා බවයි.

පසුගිය දිනවල මහත් ආන්දෝලනයට ලක්වූ රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතන පරීක්ෂණ සම්බන්ධයෙන්ද රාජිත සේනාරත්න මහතා මෙවැනිම ආකාරයේ අනාවරණයක් කර තිබුණා. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මාධ්‍යයට කීවේ වසීම් තාජුඩීන් ඝාතනය කරනා හැටි සීසීටීවී කැමරාවල පටිගත වී ඇති බවත්, එම ඝාතකයා හිටපු ජනපති පවුලේ සමීප හිතවතෙකු බව අනාවරණය කරගත් බවයි.

කෙසේ වෙතත් රාජිත ඇමතිවරයා කියනා ආකාරයේ දර්ශන පොලීසිය සතුව නොමැති බවත් ඇත්නම් ඒවා බාරදෙන ලෙසත් පොලීසිය ඔහුට දන්වා තිබූ බවත් මාධ්‍ය වාර්තා කර තිබුණා. කොළඹ විශ්ව විද්‍යාලය ද පොලීසිය සතුව ඇති සීසීටීවී දර්ශන අපැහැදිලි බවත් වැඩිදුර පරීක්ෂණ සදහා එම දර්ශන විදේශයකට යැවිය යුතු බවත් අධිකරණයට වාර්තා කර තිබුණා.

ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන්ද රාජිත සේනාරත්න අමාත්‍යවරයා කළ අනාවරණ පසුගිය සමයේ බොහෝ ආන්දෝලනයට තුඩු දුන් අතර මාලදිවයිනේ ජනපති ඝාතන තැත සදහා යොදාගෙන ඇත්තේද ඇවන්ගාඩ් අවියක් බවයි අමාත්‍යවරයා අනාවරණය කර තිබුණේ.

Related posts

‘පාස්පෝට්’ ගන්න කලින් දින වෙන්කිරීම තාවකාලිකව අත්හිටුවයි

colombotoday

ඩුප්ලිකේට් ෂර්ලොක් හෝම්ස්ලාගේ නොනවතින බුද්ධි අංශ දඩයම!

colombotoday

පොලිසියේ හයිය තියේයැයි කයිය ගසා කේර ගංජා වික්ක ශ්‍රීලනිප යේ හිටපු මන්ත්‍රී

colombotoday

කොරෝනා කාලේ රැදවියන්ට සිය නිවෙස්වලට කතා කරන්නට නොමිළේ දුරකතන පහසුකම්

colombotoday

අද දිනයේදී හඳුනාගත් ආසාදිතයන් සංඛ්‍යාව 135 දක්වා ඉහලට. මුළු ආසාදිත සංඛ්‍යාව 1317 දක්වා ඉහලට.

colombotoday

තවත් සහරාන් කෙනෙක් කල්කුඩා ප්‍රදේශයෙන් – රිෂාම් අරූස්ගේ විශේෂ හෙළිදරව්ව

colombotoday