Colombo Today Local News

රාජ්‍ය සේවකයින් ලක්ෂ පහමාරකට වැටුප් ගෙවීමකට නොහැකි තත්ත්වයක් – අමාත්‍ය වජිර අබේවර්ධනගෙන් නිවේදනයක්

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ අතැම් වැය ශීර්ෂ පරාජය විම හමුවේ රාජ්‍ය සේවකයින් ලක්ෂ පහහමාරකට වැටුප් සහ දීමනා සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට පෙර ගෙවිමට නොහැකි වන බව අමාත්‍ය වජිර අබේවර්ධන ප්‍රකාශ කර සිටිනවා.

අමාත්‍යවරයා නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ පළාත් සභා නවයේ සහ පළාත් පාලන ආයතන 341ක සේවකයින්ට මෙම තත්ත්වය ඇති බවයි.

පක්ෂ නායකයින් ගෙන තිබු තීන්දුවට පරිභාහිරව පසුගිය 28 වන දින අදාළ වැය ශිර්ෂ පරාජය කිරිමට විපක්ෂ මන්ත්‍රි වරුන් ගත් ක්‍රියා මාර්ග හේතුවෙන් බරපතල ගැටළු කාරි තත්ත්වයක් ඇතිවන බවද අදාළ නිවේදනයේ දැක්වෙයි

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණටම බලය හිමිවි ඇති පළාත් පාලන ආයතන සහ පළාත් සභා ක්‍රියාකාරිත්වය ඔවුන් විසින්ම බිඳ දැමිම පුදුමයට කරුණක් බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි. එසේ නොමැති වුවහොත් පළාත් සභා හා පළාත් පාලන ආයතන අක්‍රිය විමේ වගකීම ඔවුන් විසින්ම භාර ගත යුතු බවද අමාත්‍යවරයා අවධාරනය කර සිටියි.

ඉතිහාසයේ විවිධ අවස්ථාවල වැය ශිර්ෂ පරාජය කරත් ඉන් ආණ්ඩුවට කිසිවක් සිදු නොවු බවත් මෙමගින් මාස කිහිපයක් වැටුප් නොලැබීමෙන් අහිංසක රාජ්‍ය සේවකයින් බරපතල ඛේදවාචකයකට ඇද දැමු බවට අමාත්‍යවරයා කියා සිටියි.

එහි බලපෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සමස්ත කාර්යමණ්ඩල, ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල සමස්ත කාර්ය මණ්ඩල, සියලුම ග්‍රාම නිළධාරින්වරුන්, සංවර්ධන නිලධාරින් සහ අනෙකුත් නිලධාරින් ඇතුළුව පළාත් නවයේ හා පලාත් පාලන ආයතන 341 ක සේවකයින්ට බලපාන අතර එහි ක්‍රියාකාරිත්වය සම්පුර්ණයෙන් අඩපන කොට ඇති බව අදාළ නිවේදනයේ සඳහන්.

Related posts

ක්‍රිෂ් ගනුදෙනුව ගැන හොයන්න FCID සිංගප්පූරු යයි

colombotoday

“ජනාධිපති මන්දිර විශ්වවිද්‍යාල බවට පත් කරනවා” – සජිත්

colombotoday

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය නැති අවදානම් එන්නතක් අපේ රටට ගෙනල්ලා වැඩක් නෑ.

colombotoday

මන්නාරම තාරාපුරම් ගම්මානය හුදකලා කරයි

colombotoday

උපකාරක පන්ති සඳුදා සිට ඇරැඹේ

colombotoday

මහින්ද හා බැසිල්ගේ විදෙස් ගමන් තහනම යළි දීර්ඝ කෙරේ

colombotoday