Colombo Today Local News

රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරි විවේචනය කලොත් දැඩිව නීතිය කි‍්‍රයාත්මක කරනවා – පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක

කොරෝනා වයිරසය රට තුළ පැතිර යාම වැලැක්වීම සදහා උපරීම කැපවීමෙන් කි‍්‍රයා කරන රාජ්‍ය අංශයේ නිලධාරීන්ගේ රාජකාරි විවේචනය කරමින් , සුළු අඩුපාඩු මතුකර පෙන්වමින් අසත්‍ය හා ද්වේෂ සහගත ප‍්‍රකාශ අන්තර් ජාලය තුළ ප‍්‍රසිද්ධ කරන පුද්ගලයන්ට අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය කි‍්‍රයාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

රාජ්‍ය නිලධාරීන් කැපවීමෙන් කරන රාජකාරි විවේචනය කරමින්, ඔවුන්ගේ රාජකාරියට බාධා කරමින් සහ ඔවුන්ට බැන තර්ජනය කරමින් අසත්‍ය වීඩියෝ පට හා අන්තර්ජාලය තුළ ප‍්‍රසිද්ධි කර ඇති බවට තොරතුරු හෙළි ඇති බවත් ඒ අනුව මෙම පියවර ගත්බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.

එවැනි කි‍්‍රයාවන් අන්තර් ජාලයට මුදා හරින තැනැත්තන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර නීතිමය පියවර ගන්නා ලෙසට වැඩබලන පොලිස්පති චන්දන වික‍්‍රමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ සියලූ පොලිස් ස්ථානාධිපතිවරුන්ට දැනුම් දී ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

– Lankadeepa –

Related posts

සෝභිත නාහිමියන්ගේ ශ්‍රී දේහය මව්බිමට වැඩම කරවයි

colombotoday

ගීතාගේ පුටුවේ වාඩිවූ පියසේන රාජ්‍ය ඇමතිකමකට වැඩි යමක් ඉල්ලයි !!

colombotoday

කල්මුණේ ළමා නිවාස පාලිකාවට වෘත්තීය සුදුසුකමක් නෑ

Admin

අද එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක ස්ථාන මෙන්න

colombotoday

ගෑස් අනතුරකින් කාන්තාවක් මරුට

colombotoday

මැතිවරණ වේදිකාවේ පට්ට ගැසූ රවී කරුණානායකට විශිෂ්ට ජයක් – කොට්ඨාශ 9ම දිනයි – මන්ත්‍රීවරු 17ක් තේරී පත් වේ

colombotoday