Colombo Today Local News

රාජ්‍ය ඇමති වික්‍රමනායකට වරෙන්තු !

කෘෂිකර්ම රාජ්‍ය ඇමැති විදුර වික්‍රමනායක මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා වරෙන්තු නිකුත් කළේය.

ඒ මහතාට එරෙහිව විභාග වන නඩුවකට ඉකුත් ජනවාරි 14 වැනිදා අධිකරණයේ  පෙනී නොසිටීම හේතුවෙන් මෙලෙස වරෙන්තු නිකුත් කර තිබේ.

2018 වසරේ සිය සහෝදරිය වන තුෂාරා වික්‍රමනායක යන අයට බැන තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාට එරෙහිව බොරැල්ල පොලිසිය විසින් අධිකරණය හමුවේ මෙම නඩුව පවරා තිබිණ.

Related posts

අගමැති ඉවත්කළ හැකිද? ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්න යයි

colombotoday

දුම්රිය මැදිරි 120ක් ධාවනයෙන් ඉවතට

colombotoday

විශ්වාසභංග විවාදය පැය 12 ක්

colombotoday

ඉෂාලිනිගේ සිරුර ගොඩගැනීම 30වනදා.. දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක්

colombotoday

වදින්න ඕන තැනටම වැදිලා.. තොප්පිය දාගෙන දිල්රුක්ෂි ගියා ! – ඩිලාන් පෙරේරා

colombotoday

සීනි කන්ටේනරයෙන් කෝටි 300ක කුඩු මතුවෙයි !

colombotoday