හිටපු වැලිකඩ පොලිස් ස්ථානාධිපති සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩල අත්ඩංගුවට ගන්නා ලෙස නිතීපතිවරයා බස්නාහිර පළාත් අපරාධ කොට්ඨාශයට උපදෙස් ලබා දි තිබේ.
ඒ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සැකකරුවකු ලෙස නම් කර තිබෙන 2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ ඇති වූ රිය අනතුරකින් තරුණයකුට බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධියේ ව්‍යාජ සාක්ෂි නිර්මාණය කල බවට වන චෝදනාවට අදාළවයි.
වත්මන් සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩල අධිකරණ වරෙන්තුවක් ලබා ගෙන මෙලෙස අත්අඩංගුවට ගන්නා ලෙසයි නීතිපතිවරයා නියෝග කර ඇත්තේ.