Colombo Today Local News

රවී, බදුර්දීන් හා හකීම් ගැටෙති..!

පළාත් පාලන (සංශෝධන) පනතට ඡන්දය ලබා දීම ප්‍රතික්ෂේප කළ අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් සහ රාවුෆ් හකීම් මහත්වරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අතර පසුගිය බදාදා පාර්ලිමේන්තුවේ දී උණුසුම් ගැටුමක් හටගෙන තිබේ.
ඔවුන් තිදෙනා අතර පාර්ලිමේන්තු ලොබියේ දී දැඩි උණුසුම් වාග් ප්‍රහාර මධ්‍යයේ සිදු වූ මෙම ගැටුම ගුටිබැට හුවමාරුවක් දක්වා වර්ධනය වීමට ගිය අවස්ථාවේ සෙසු මන්ත්‍රීවරුන් මැදිහත්ව එය සමථයකට පත් කර ඇති බවද එජාප ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු පැවසු බව ඉරිදා “රිවිර“ පුවත්පත වාර්තා කර සිටියි. පළාත් සභා පනතට එක්කළ නව සංශෝධන නිසා සිය පක්ෂවලට දැඩි අසාධාරණයක් වන බවට රිෂාඩ් බදුර්දීන් ඇමැතිවරයා සහ රාවුෆ් හකීම් ඇමැතිවරයා ප්‍රකාශ කළේ ය.

සිය සංශෝධනවලට එකඟ නොවන්නේ නම් පනතට ඡන්දය ප්‍රකාශ නොකරන බවද අමාත්‍යවරුන් පැවසූහ.
මේ අවස්ථාවේ රවී කරුණානායක මන්ත්‍රීවරයාට කේන්ති ගිය අතර ඔහු අමාත්‍යවරුන් දෙදෙනාට දැඩි වාග් ප්‍රහාර මධ්‍යයේ බැණ වැදී ඇත.
මුදල් වලට සියලු දේ සිදුකරන එම පක්ෂවල ඡන්දය ආණ්ඩුවට අවශ්‍ය නැතැයි පවසමින් කරුණානායක මහතා බැණ වැදී ඇති බවද වාර්තා වේ.

අනතුරුව එම ඇමැතිවරුන් දෙදෙනා මන්ත්‍රී කණ්ඩායමේ මන්ත්‍රීවරුන් 12 දෙනා පාර්ලිමේන්තුවෙන් පිටව ගොස් ඇත.
පසුව අග්‍රාමාත්‍යවරයා මැදිහත් වී අමාත්‍යවරුන් දෙදෙනාගේ සංශෝධනවලට එකඟවන බව පවසා ඇති අතර ඉන් අනතුරුව ඔවුන් යළි පැමිණ පනතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇති බවද වාර්තා වේ.

Related posts

නිදහස් පක්ෂයේ මැයි රැලිය මහනුවරදී ඇරඹෙයි

Admin

සංචාරක වීසා හරහා රැකියා වලට රට යවන බව කියා මිනිස් ජාවාරම් කරන අයට නීතිය දැඩි වෙයි

colombotoday

වැල්ලවායේ ඇගලුම් ආයතනයක කොවිඩ් ආසාදිතයින් 24ක්

colombotoday

ත්‍රිවිධ හමුදාවෙන් නීත්‍යානුකූලව ඉවත් වු පුද්ගලයන් බන්ධනාගාර නියාමකවරුන් ලෙස බඳවා ගැනීමට යයි.

colombotoday

මහින්දගේ හමුදා ආරක්ෂාව ඉවත් කිරීමේ තීරණයට ජනපති වැට බඳියි

colombotoday

නොරොච්චෝලේ ඉදිකිරිම් ප්‍රමාදයෙන් ලංවිම දෛනික පාඩුව රු.මිලියන 250

colombotoday