Colombo Today Local News

රනිල් – සජිත් රහසේ හමුවෙති

එක්සත් ජාතික පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ හා එම පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අතර රහසිගත සාකච්ඡාවක් ඊයේ (06) රාත්‍රීයේ පැවැත්වුණු බව දේශපාලන ආරංචි මාර්ගවලින් පැවැසේ.

අරලිය ගහ මන්දිරයේදී පැවැත්වුණු මෙම සාකච්ඡාවට ඒ දෙදෙනා හැරෙන්නට වෙනත් කිසිවෙකුත් සහභාගී වී නැතැයි ඒ ආරංචි මාර්ග සඳහන් කරයි.

පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය හා තවත් දේශපාලන කරුණු කිහිපයක් පිළිබඳ මෙහිදී සාකච්ඡා කර තිබෙන බව දැනගන්නට ඇත.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන කරුණු සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දීමෙන් පසුව මෙම සාකච්ඡාවට සහභාගී වී තිබිණැයි පැවැසේ.

Related posts

21 වැනි ව්‍යවස්ථා සභාවට මන්ත්‍රීන් නොවන සාමාජිකයන් පත්කිරීමට අයදුම්පත් කැඳවයි

Admin

නොමිලේ ඇමතුම් කාලයක් සමග දත්ත හුවමාරුව

colombotoday

වචනයට සීමා නොවී, සංහිදියාව ඉදිරියේදී ක්‍රියාවෙන්ම පෙන්නනවා – ජනපති

colombotoday

හලාවත ගැටුමට මුල් වූ ව්‍යාපාරිකයා රිමාන්ඩ්

colombotoday

විමල්ගේ ප්‍රකාශය නාමල් ප්‍රතික්ෂේප කරයි…

colombotoday

කවර තත්ත්වයක් යටතේවත් ගබ්සාව එපා – කතෝලික සභාව රජයට එරෙහි වෙයි

colombotoday