Colombo Today Local News

රනිල් වෙඩි නොවදින රථයක්, පොලිසියේ 200ක්, හමුදාවේ 17ක් සමග තවත් වරප්‍රසාද ඉල්ලයි

විශ්‍රාම යන අග්‍රාමාත්‍යවරයකුට ව්‍යවස්ථාවෙන් හිමිවිය යුතු සියලු වරප්‍රසාද ලබාදෙන ලෙස ඉල්ලා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත ලිපි දෙකක් යොමුකර තිබේ.

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයේ රැඳී සිටි අවසන් දිනය වූ පසුගිය 17 වැනිදා සමන් ඒකනායක මහතා අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස පළමු ලිපිය යොමු කර ඇත. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දෙවන ලිපිය යොමුකර ඇත්තේ පෙරේදා (02 වැනිදා) පස්වරුවේය.

වෙඩි නොවදින මෝටර් රථයක්, අග්‍රාමාත්‍ය කාර්යාලයට අයත් වාහන අටක්, පොලිස් වාහන නවයක්, ගිලන් රථයක්, වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරින් 17 දෙනෙක්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකුගේ ප්‍රධානත්වයෙන් පොලිස් නිලධාරින් 200 ක් ලබාදෙන ලෙස හිටපු අග්‍රාමාත්‍යවරයා එම ලිපිය මගින් ඉල්ලා තිබේ. ඊට අමතර නිල නිවසක්, කාර්යාල පරිශ්‍රයක්, ලේකම්වරයෙක් ඇතුළු අනෙකුත් වරප්‍රසාද දෙන ලෙස ද ඉල්ලා තිබේ.

මෙම ඉල්ලීම අමාත්‍ය මණ්ඩලයට යොමුකර අනුමැතිය ලබාගෙන කඩිනමින් ඉටුකරන ලෙසද හිටපු අග්‍රාමාත්‍යවරයා ඉල්ලා ඇත.

aruna.lk

Related posts

දඹදිව සිට ඇවිත් ඥාණසාර හිමි ගුවන්තොටුපළේදී කීව දේ (Video)

colombotoday

නෙවිල් ප්‍රනාන්දුගේ රෝහලට ආණ්ඩුවෙන් තවත් කෝටි 09ක් වෙන්කරයි

colombotoday

දුම්රිය පිලී පනී – උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා

Admin

උතුරේ සියළු රජයේ කම්හල්වල, හමුදා හොටල්වල අයිතිය උතුරු පළාත් සභාවට ඉල්ලයි !

colombotoday

මාළු අල්ලන්න ගිය හමුදා භටයා දියේගිලෙයි

Admin

වීරකුමාරට නීතිය හා සාමය රාජ්‍ය ඇමතිධුරය !!

colombotoday