Colombo Today Local News

රන්ජන්ගේ කොකේන් චෝදනා ඔප්පු කරන්න බෑ – එජාප කමිටුව තීරණය කරයි

කොකේන් භාවිත කරන මැති ඇමතිවරුන් සිටින බවට රාජ්‍ය අමාත්‍ය  රන්ජන් රාමනායක මහතා කළ ප්‍රකාශය ඔප්පු කළ නොහැකි බවත් ඒ සඳහා තවත් සාක්ෂි අවශ්‍ය බවත් එක්සත් ජාතික පක්ෂය විසින් පත්කළ කමිටුව සඳහන් කර තිබේ.

රන්ජන් රාමනායක මහතා කළ මෙම ප්‍රකාශය පිළිබඳව සොයා බැලීම සඳහා එක්සත් ජාතික පක්ෂය විසින් කමිටුවක් පත්කළ අතර එහි සභාපති ලෙස අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතා කටයුතු කළේය. සෙසු සාමාජිකයන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එරාන් වික්‍රමරත්න, මහාචාර්ය ආශු මාරසිංහ හා නීතිඥ මහේෂ් කලුගම්පිටිය කටයුතු කළහ.

එම වාර්තාව සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුමට ප්‍රකාශයක් කරමින් කැබිනට් නොවන අමාත්‍ය හර්ෂද සිල්වා මහතා ඉහත අදහස් දැක්වීය.

කෙසේ වෙතත් කොකේන් භාවිත කරන බවට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ ප්‍රකාශ වූ නම් ලැයිස්තුවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් නොමැති බවත් එම නම් ලැයිස්තුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකර ඇති බවත් හර්ෂද සිල්වා මහතා පවසයි.

Related posts

මාර්ගගත ක්‍රම සුරක්ෂිතතා පනත් කෙටුම්පත ගැන ආසියානු ඉන්ටර්නෙට් සන්ධානයේ දැඩි අවධානය

Admin

යාපනයට මන්ත්‍රී ධුරයක් වැඩිවෙයි.. බදුල්ලට අඩුවෙයි !

colombotoday

මේ රටේ අසාර්ථකම මුදල් ඇමති මංගල සමරවීරයි. මංගල තමයි යම පාලනයේ පියා.. ජඩ දේශපාලනය ප්‍රචලිත කලෙත් ඔහුයි

colombotoday

ජාතික ඖෂධ අධිකාරියේ පරිගණක දත්ත පද්ධතිය බිඳ වැටීම ගැන පරීක්ෂණ

colombotoday

ජීවත්ව සිටියදී මෙන්ම මිය ගිය පසුවත් ජනතාවගේ හදවත දිනාගෙන සිටීම ලේසි පහසු කටයුත්තක් නොවේ – මහින්ද රාජපක්ෂ

Admin

බසයක් තවත් බසයක ගැටී සිසුන් පහක් රෝහලේ…

Admin