Colombo Today Local News

රත්නපුරට – පැල්මඩුල්ලට ඇඳිරි නීතිය ඉවත් නොකෙරේ

රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර සහ පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශවල ඇඳීරි නිතිය අද (09) වැනිදා ඉවත් නොකෙරෙන බව රත්නපුර මූලස්ථාන පොලිස් පරීක්ෂක රෝහාන් ඔලුගල මහතා පැවසීය.                                                   

අද උදැසන 6.00 ට රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඳීරි නීතිය ඉවත් කිරිමට නියමිතව තිබූණි.

රත්නපුර මුද්දුව මැණික් ව්‍යාපාරිකයාගේ පවුලේ දෙදෙනෙකුට  කොරෝනා වයිරසය ආසාදනය වීම නිසා රත්නපුර සහ පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශ තුළ තවදුරටත් ඇඳීරි නිතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව පොලිසිය සඳහන් කළේය.                                                 

රත්නපුර මුද්දුව ප්‍රදේශයේ පවුල් 60 ක් නිරෝධානයට ලක්කිරීම සඳහා  නිරෝධායන මධ්‍යස්ථානයකට යැවීමටද සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ කටයුතු කර ඇති බව රත්නපුර මූලස්ථාන පොලිස් පරීක්ෂක රෝහාන් ඔලුගල මහතා පැවසීය.        

Lankadeepa

Related posts

සේනක බටගොඩට තහනම් වූ ගීත

Admin

ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට ජනාධිපති මාධ්‍ය අංශයෙන් තර්ජන

Admin

මැතිවරණ පනත හරියට ක්‍රියාත්මක කළොත් ජවිපෙට මන්ත්‍රී ධුර 300ක් අහිමිවෙයි…

colombotoday

කණ්ඩායම් වගකීම චරිත්ට

Admin

ගජමුතු තුනක් සමඟ අයෙක් එස්.ටී.එෆ් දැලේ

colombotoday

කබ්රාල්ගේ පත්වීමට එරෙහි පෙත්සම ඉවතට

colombotoday