Colombo Today Local News

මහින්ද හැර වෙන නායකයෙක් නෑ… හිස ඔසවන බෙදුම්වාදය පරාජය කරන්න නම් ඔහු බලයට ආ යුතුමයි – සෝමවංශ

mahinda somawanshaරට තුළ යළිත් ඉස්මතු වෙමින් පවතින බෙදුම්වාදය පරාජය කළ හැක්කේ මහින්ද රාජපක්ෂ මහතාට පමණක් බවත්, එම නිසා ඔහු යළිත් බලයට ගෙන ආය යුතු බවත් ජනතා සේවක පක්ෂයේ නායක සෝමවංශ අමරසිංහ මහතා පවසයි.

යුදමය වශයෙන් බෙදුම්වාදය පරාජය කිරීමට මහින්ද රාජපක්‍ෂ මහතා නායකත්වය ලබාදුන් අතර බෙදුම්වාදය නැවතත් හිස ඔසවමින් තිබෙන බව හෙතෙම පැවසීය. මේ තීරණාත්මක මොහොතේ එම භූමිකාව ඉෂ්ට කළ හැකි එකම නායකයා මහින්ද රාජපක්‍ෂ මහතා බවත් පැවසූ අමරසිංහ මහතා තමන්ද එතුමන් සමඟ වැඩ කිරීමට සූදානම් බව පැවසීය.

රට අවුලට ගොස්‌ ආණ්‌ඩුවක්‌ නැති තත්ත්වයට පත්ව ඇති බවත් ඊට වත්මන් පාලකයන් වගකිව යුතු බවත් මේ තිබෙන අරාජික තත්ත්වයෙන් රට බේරා ගැනීමට මේ වේලාවේ මේ මහ පොළොවේ තිබෙන එකම බලවේගය ඒකාබද්ධ විපක්‍ෂය බවත් හෙතෙම සඳහන් කළේය.

රටේ ස්‌වාධීනත්වය, නිදහස භෞමික අඛණ්‌ඩතාව ආරක්‍ෂා කිරීමට කැපවී සිටින්නේ කවුද? ඉදිරියට එන්නේ මොන බලවේගයද එම බලවේගයත් සමඟ තමන් තවදුරටත් කැපවන බව සෝමවංශ අමරසිංහ මහතා වැඩිදුරට පැවසීය.

Related posts

ඇමති විදුර වික‍්‍රමනායක පිස්සෙක්.. එවන් පිස්සෙකු පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලුවේ ඇයි. – මහින්ද පතිරණ

colombotoday

බහුජාතික, බහු ආගමික ජනපති අපෙක්ෂකයෙක් ගේනවා…

colombotoday

මිලියන 3ක අයිස් සමග සැකකරුවෙක් තලංගමදී අත්අඩංගුවට

colombotoday

රත්මලානේ වෙඩි තැබීමකින් අයෙක් මරුට

colombotoday

ගෝලීය උණුසුමෙන් ශ්‍රී ලංකාවේ ලුණු කර්මාන්තයට අභියෝගයක්!

Admin

වතුරේගම මාදැල් ධීවරයෝ උද්ඝෝෂණයක

colombotoday