Colombo Today Local News

රටේ වත්මන් ආර්ථික තත්ත්වය ගැන සැබෑ තොරතුරු ආණ්ඩුව ජනතාවට හෙළි කළ යුතුයි-රනිල්

රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳ සැබෑ තොරතුරු ආණ්ඩුව ජනතාවට ඉදිරිපත් කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මාධ්‍ය වෙත ඊයේ(25) ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ 2018 වසරේ දී ආර්ථික දර්ශක රැසක ඉදිරියෙන් සිටි ශ්‍රී ලංකාව මේ වන විට පසුබෑමකට ලක්ව ඇති බවයි.

අද වන විට ජනතාවට ජීවත් විය නොහැකි තත්ත්වයකට පත්ව ඇති අතර, රු.5000 දෙන්න බැරි තත්ත්වයකට ආණ්ඩුව අද වන විට පත්ව තිබෙන බව ද වික්‍රමසිංහ මහතා පැවසීය.

රජයේ සේවකයින්ට උත්සව අත්තිකාරම් ලබා දී නොමැති බවත්,ඒ තුළින් ආර්ථික තත්ත්වය බැරෑරුම්කම තේරුම් යන බවත් ඒ මහතා පැවසීය‍.

මේ වසරේ ණය ගෙවීමට නොහැකි රටවල් පිළිබඳ ජාත්‍යන්තර රූපවාහිනි නාලිකාවකින් දැනුම් දුන් බවත්, එලෙස ණය ගෙවිය නොහැකි ඊළඟ රටවල් 5 අතරට ලංකාවත් අයත් විය හැකි බවත් ලෝක මූල්‍ය දර්ශකවල පුරෝකථනය කරන බව ද රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

2018 දී ආර්ථික දර්ශකවල ලංකාව ස්ථාවරත්වයක් පෙන්නුම් කල ද අද අස්ථාවර තත්ත්වයකට පත්ව ඇතැයි ද ඒ මහතා කියා සිටියේය.

මූල්‍ය කටයුතු ගැන වාර්තාව ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ යුතු බවත් එවැනි සිදුවීමක් මෙතෙක් සිදුව නොමැති බවද වික්‍රමසිංහ මහතා පැවසීය.

අවසන් වරට ආණ්ඩුව විසින් මාර්තු 23 වන දා එවැනි වාර්තාවක් ඉදිරිපත් කළ බවද වික්‍රමසිංහ මහතා කියා සිටියේය.

රටේ වර්තමාන මුදල් තත්ත්වය පිළිබඳ සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කිරීම රජයේ වගකීමක් වන බවද පැවසු
රනිල් වික්‍රමසිංහ මහතා ආර්ථික තත්ත්වය ගැන සැබෑ තොරතුරු රටට හෙළි කළ යුතු බවද පැවසීය.

Related posts

උඩප්පුව සිට කල්පිටිය දක්වා සුන්දර වෙරළ තීරය ළගදීම කුණු කන්දක් ! (Photo)

colombotoday

දන්නෝ බුදුන්ගේ ගීතය අනුභවකලේ බොදු බලේට විරුද්ධව ඉටිපන්දම් දැල්වූ කල්ලි ප්‍රධානියාගේ බිරිද ?

colombotoday

සෑබෑ ජනමතය පිළිඔුමු කිරීම සදහා පැරදුනු මන්ත්‍රීවරුන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යැවීමෙන් වලකින්න

colombotoday

පාර්ලිමේන්තු ඉතිහාසය වෙනස් කළ ජනපති මෛත්‍රී

colombotoday

අත්අඩංගුවට ගත් බුද්ධි අංශයේ කොමාන්ඩර් රණසිංහ මරාගෙන මැරෙන ඇදුම් සහ බෝම්බ 51ක් සොයා ගත්තෙක්

colombotoday

සදසිරිගම පොළව ඉරි තලයි

colombotoday