Colombo Today Local News

රජයේ රෝහල් වල සායනික ඖෂධ යළිත් නිවෙසටම

රජයේ රෝහල් සායනවලින් ප‍්‍රතිකාර ගන්නා රෝගීන්ගේ ඖෂධ නිවෙස් වෙතම ලබාදීමේ වැඩපිළිවෙළ යළි ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

ඒ, රටතුළ පවතින කොරෝනා වසංගතය තත්වය සැලකිල්ලට ගනිමින්. ඒ අනුව සායනික බෙහෙත් හෙට සිට නිවෙස් වෙත බෙදාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට පියවර ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළා.

ගම්පහ සහ කොළඹ යන දිස්ත‍්‍රික්ක තුළ පළමුව මෙම වැඩසටහන ආරම්භ කෙරෙන අතර පසුව එය දීප ව්‍යාප්තව ක‍්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. රටතුළ හිස ඔසවමින් ඇති කොරෝනා වසංගත තත්වය හේතුවෙන් රෝහල් සායන වෙත පැමිණීම සුදුසු නොවන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවට දැනුම් දෙන්නේ.

රෝහල්වල සායනවල ඇති අධික තදබදය හේතුවෙන් රෝගීන්ට කොරෝනා වෛරසය පහසුවෙන් ආසාදනය විය හැකි බවයි වැඩබලන සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය එස් ශ‍්‍රීධරන් පැවසුවේ.

Related posts

සහරාන් සමඟ සබඳතා පැවැත්වු තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

කන්දකාඩු මධ්‍යස්ථානයේ කොරෝනා වෛරසය සෑහෙන කාලයක් තිබුණා- අනුර

colombotoday

වඩමාරච්චි යුද හමුදා කදවුරක් ඉවත් කරයි

Admin

අන්තරේ උද්ඝෝෂණයට අධිකරණ නියෝගයක්

Admin

ආයතන ගැසට් කරයි වැඩිම ජනාධිපතිට

Admin

කලාපයේ රටවල් අඩු පොලියට ණය ගද්දි ලංකාව ගිනි පොලියට ණය අරගෙන. ඇමති රවී පාර්ලිමේන්තුවේදී හෙළි කරයි

colombotoday