Colombo Today Local News

රජයේ නිලධාරිනියන්ට සාරිය අනිවාර්යයි

රජයේ ආයතනවල සේවය කරන සියලුම නිලධාරිනියන්ට සාරිය හෝ ඔසරියකින් සැරසී රාජකාරියේ යෙදීම අනිවාර්ය කරමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය චක්‍ර‍ලේඛයක් නිකුත් කර තිබේ.

එකී චක්‍ර‍ලේඛයට අනුව රජයේ නිලධාරීන් ජාතික ඇඳුමෙන් හෝ කලිසමක් හා කමිසයකින් සැරසී සේවයට පැමිණිය යුතුය. රජයේ සේවයේ නියුතු ගර්භණී කාන්තාවන්ට පහසු හා සුදුසු ඇඳුමකින් සැරසී පැමිණිය හැකි බවද එම චක්‍ර‍ලේඛයේ සඳහන් කර තිබේ.

දැනටමත් නිල ඇඳුමක් අඳින හෝ නිල ඇඳුම් දීමනා ලබන පුද්ගලයින් එකී නිල ඇඳුමෙන්ම රාජකාරියේ යෙදී සිටිය යුතුය.

එමෙන්ම සේවා ලබා ගැනීමට රජයේ ආයතන වෙත පැමිණෙන්නන් තමන් පැහැදිලි ලෙස හඳුනාගත හැකි අයුරින් පැමිණෙන ලෙස දන්වා සිටීමට ආයතන ප්‍රධානීන් විසින් පියවර ගත යුතු බවද එකී චක්‍ර‍ලේඛයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

රජයට අයත් කාර්යාල පරීශ්‍රවල ආරක්ෂාව තහවුරු කිරීමට මෙම තීරණය ගෙන තිබේ.

රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශ ‍ලේකම් ජේ. ජේ. රත්නසිරිගේ අත්සනින් යුතුව සියලුම රාජ්‍ය ආයතන වෙත මෙම චක්‍ර‍ලේඛය නිකුත් කර තිබේ.

Related posts

අටුලුගම සංචරණයන් සෙවීමට හෙලිකොප්ටර් යානා

colombotoday

“සයිනොෆාම්” දෙවන එන්නත් තොගය, අද සිටම එන්නත්කරණයට. | ජනාධිපති උපදෙස් දෙයි.

colombotoday

මාලිමාවේ ඉන්නේ භික්‍ෂුන් වහන්සේලා අනෙක් පක්ෂවල ඉන්නේ චීවරධාරීන්

Admin

හෝමාගම මූලික රෝහලේ කොරෝනා මළසිරුරක් නරක් වෙලා… කාර්යමණ්ඩලයේ ජීවිත වලට දැඩි බලපෑමක්

colombotoday

මා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයට ෆොන්සේකාත් හවුල් – ජනපති විදෙස් මාධ්‍යට කියයි

colombotoday

අටුළුගම දැරිය ඝාතනය : අයිස් ගසා සිටි කොත්තු බාස් දැරිය මැරූ හැටි වමාරයි

colombotoday