Colombo Today Local News

රංගන ශිල්පී කාවිංගට ඇප. ලයිසන් අත්හිටුවයි. විනිසුරු නියෝගයෙන් ලක්‌ෂ 5 ක්‌ මරුණකරුගේ බිරිඳට ගෙවයි..!

අධික බීමතින් රිය පදවා මාරක අනතුරක් සිදුකර දින 14 ක් රිමාන්ඞ් භාරයේ සිටි රංගන ශිල්පී කාවිංග පෙරේරා රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මත මුදාහරින ලෙස කඩුවෙල මහෙස්ත‍්‍රාත් අතිරේක දිසා විනිසුරු ප‍්‍රසන්න අල්විස් මහතා ඊයේ (03) දා නියෝග කළේය.

තවද ඔහුගේ රියැදුරු බලපත‍්‍රය අත්හිටුවන ලෙසත් රුපියල් ලක්ෂ පහක මුදලක් මරණකරුගේ බිරිඳට ගෙවන ලෙසත් විනිසුරුවරයා නියෝග කළ අතර රුපියල් ලක්ෂ පහක මුදල විවෘත අධිකරණය තුළදී එම අවස්ථාවේදීම ලබා දෙන ලදී.

රිය අනතුරින් මරණයට පත් වූයේ මීගහතැන්න, වෙලපහළ, මාවතවත්ත ප‍්‍රදේශයේ පදිංචිව සිටි ගම්මන ලියනගේ වසන්ත උදය කුමාර නමැති 42 හැවිරිදි එක්දරු පියෙකි.

මියගිය පුද්ගලයා පසුගිය 19 වැනිදා අලූයම 12.45 ට පමණ තලවතුගොඩ ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට පදික මාරුවේ නඩත්තු කටයුතු සිදු කරමින් සිටි මාර්ග සංවර්ධන අධිකාරියට අනුයුක්තව සේවය කළ අයෙකි.

රංගන ශිල්පියා අධික ලෙස බීමතින් රිය පදවා ඇති අතර අනතුර සිදුවීමට පෙර වාහනයේ අධික වේගය පාලනය කර ගැනීමට නොහැකි වී ඇත. මාර්ගයේ සුදු ඉරි අඳිමින් සිටි කම්කරුවන්ගේ ආරක්ෂාවට තබා තිබූ මාර්ග බාධක කිහිපයක් ද තල්ලූ කරමින් එම සේවකයන් පෙරළා ගෙන වාහනය ධාවනය වී තිබිණි.

අනතුර සිදුකර පළා යෑමට තැත් කළ වාහනය අවට සිටි අය විසින් අල්ලා එහි සිටි රංගන ශිල්පියාට පහරදී පොලිසියට භාරදී තිබිණි. තලංගම පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරු කඩුවෙල අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊයේ (03 දා) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. මෙම නඩුව මැයි මස 05 වැනිදා නැවත කැඳවීමට නියමිතය.

Related posts

රන්ජන්ගේ රාජ්‍ය පට්ටම ගැලවෙයි.. බුද්ධික මෙදා පාරත් කැපෙයි !

colombotoday

ඥාණසාර හිමිට විරුද්ධව තිදෙනෙක් පොලිසි යයි.. අල්ලා හිරකරන්නැයි පොලිස්පතිගෙන් ඉල්ලයි

colombotoday

අමල් පෙරේරා පසුපස ගිය පොලීසිය ” මදූෂ්” කොටු කර ගත් විශ්මිත මෙහෙයුම මෙන්න

colombotoday

මර්ධනීය ඉතිහාසයක් තියෙන නායකයෙක් අද සිහසුන හොබවනවා

colombotoday

භූමිදානය අවශ්‍යනම් කලයුත්තේ පාරේ උද්ඝෝෂණ රංගන දැමීම හෝ අමාත්‍ය ධුර අවභාවිතා කරමින් වංගු ගැසීම නොවෙයි.

colombotoday

මහා බැංකුවේ ක්‍රියා කලාපයට එරෙහිව මම තනිව සටන් කළා – රවී කරුණානායක කියයි

colombotoday