Colombo Today Local News

යුද්ධය දිනූ ගුවන් හමුදාපතිට සහ නාවික හමුදාපතිට ෆොන්සේකාට නොදෙවෙනි තනතුරු

හිටපු නාවික හමුදාපති විශ්‍රාමික අද්මිරාල් වසන්ත කරන්නාගො මහතා සහ හිටපු ගුවන් හමුදාපති විශ්‍රාමික එයර් චීෆ් මාෂල් රොෂාන් ගුණතිලක යන මහත්වරුන් ගෞරවනීය නිලයකින් පිදුම් ලබා තිබේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මෙම ගෞරවනිය නිලයන් පිරිනමා ඇති බව සඳහන් වෙයි.

හිටපු නාවික හමුදාපති විශ්‍රාමික අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් ලෙස හා හිටපු ගුවන් හමුදාපති විශ්‍රාමික එයර් චීෆ් මාෂල් රොෂාන් ගුණතිලක මහතා මාෂල් ඔෆ් ද එයාර් ෆොස් යන ගෞරවනීය නිලයන්ගෙන් පිදුම් ලබා තිබේ.

යුද්ධය පැවැති වකවානුවේදී ඔවුහු පිළිවෙළින් නාවික හා ගුවන් හමුදාපති තනතුරු ඉසලූහ. යුද්ධය පැවැති සමයේ යුද හමුදාපති වූ සරත් ෆොන්සේකා මහතාට ෆීල්ඩ් මාෂල් තනතුරක් මීට පෙර පිරිනැමීය.

Related posts

උතුරු – නැගෙනහිර අර්බුදය ගැන සාකච්ඡාවකට ජනපති TNA කැඳවයි

Admin

ජනපති රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි

Admin

නව ගුවන් හමුදාපති සුදර්ශන පතිරණ

colombotoday

පොලීසියෙන් සොයන පල්ලියේ භාරකරු මාධ්‍ය හමුවක් පවත්වා අටළුගම කාන්තාවගේ චරිතය හොදනෑ කියයි

colombotoday

ෂැංග්‍රීලා ප්‍රහාරය සහරාන් හස්මින්, මඩකලපු ප්‍රහාරය අබු මොහොමඩ් – ප්‍රහාරකයන් හඳුනාගත් බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි

colombotoday

සයිටම් විරෝධයෙන් ගිනිගත් රාත්‍රිය !

colombotoday