මෝදර ඩිලාසල් වත්තේ පාතාල කණ්ඩායම් දෙකක් අතර ගැටුමක් අද (2) පාන්දර 1ට පමණ සිදුවී තිබෙන බව වාර්තා වෙනවා.
පාතාල නායකයෙකු වන දාරංග විසින් තවත් පාතාල නායකයෙකු වන සේදවත්තේ සුරංගගේ කණ්ඩායමට වෙඩි තබා කපා කොටා දමා ඇති අතර ප්රහාරයෙන් තුවාල ලැබූ තිදෙනෙකු රෝහල් ගත කර තිබෙන බවයි වාර්තා වන්නේ.
සාදයකදී ඇතිවූ බහින් බස් වීමක් දුරදිග ගොස් මෙම ගැටුම ඇතිවී තිබෙන බව මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.