Colombo Today Local News

මෛත්‍රී – මහින්ද ඝාතන සැලසුම ගැන කී ඉන්දියානුවා මානසික ලෙඩක් – ඉන්දීය තානාපති කාර්යාලය කියයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ පිරිස් ඝාතනය කිරීමේ සැලසුමකට අදාළව අත්අඩංගුවටපත් ඉන්දීය ජාතිකයා මානසික රෝගයකින් පෙළෙන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශක පවසයි.

දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතාගේ මාවනැල්ලේ පිහිටි නිවසේදීමෙම සැකකරු අත්අඩංගුවට ගත් බවත්, ඔහුගෙන් මෙම ඝාතන සැලසුම් පිළිබඳ තොරතුරු වාර්තා වූ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (25දා) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය.

මේ පිළිබඳ ශ්‍රී ලංකා මාධ්‍ය වාර්තා කළ කරුණු පදනම් කරගෙන හා ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට ලැබුණු සීමිත තොරතුරු පදනම් කරගෙන අදාළ ඉන්දීය ජාතිකයාගේ පසුබිම පිළිබඳ සෙවීමට තම කාර්යාලය කටයුතු කළ බවත්, තමන්ට ලැබුණු මූලික තොරතුරුවලට අනුව ඔහු 2000 වසරේ සිට මානසික රෝගයකින් පෙළෙන බවත්ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශක සඳහන් ‍කළේය.

මෙම තොරතුරු ශ්‍රී ලංකාවේ අදාළ අංශ වෙත ලබාදුන් බවත්, ශ්‍රී ලංකාව මේ සම්බන්ධයෙන් සිදුකරන විධිමත් පරීක්ෂණ සඳහා සහාය දක්වන බවත් එම ප්‍රකාශක වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

රටට අහිතකර ගිවිසුම් අත්සන් කරද්දි සජිත් හිටියේ විපක්ෂයේද – ජනතා විමුක්ති පෙරමුණ අසයි

colombotoday

මුඛ ආවරණය ඡන්ද ප්‍රචාරණයට යොදා ගන්න එපා

colombotoday

ගැබ්ගෙල පිළිකා නසන එන්නතක්

colombotoday

එම්.කේ.ඩී.එස් ගේ ඉඩම් ඇමති කම ජෝන්ට යයි!

colombotoday

මම හෙළිකොප්ටරෙන් යනකොට පා ගමන දැක්කා.. සෙනග නෑනේ.. සෙනග ඉන්න පොටෝ හදපු ඒවා

colombotoday

20 සම්මත කරන්න ඡන්දේ දෙන අයටත් ඇමතිධුර ?

colombotoday