Colombo Today Local News

මෙවර ඡන්ද පත්‍රිකාව අඩි දෙකක් දිගයි- මැකෝ

මෙවර ජනපතිවරණයේදී ඡන්ද දායකයාට ඡන්දය ප්‍රකාශ කිරීමට අදාළව ලැබෙන ඡන්ද පත්‍රිකාව අඩි දෙකක් එසේත් නොමැතිනම් අඟල් 24ක් දිග වන බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.

පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවැත්වෙන විශේෂ හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

මෙවර ජනපතිවරණය වෙනුවෙන් තරග කිරීමට වාර්තා ගත අපේක්ෂකයන් සංඛ්‍යාවක් වන 35 දෙනෙක් ඉදිරිපත්ව තිබීම මෙසේ ඡන්ද පත්‍රිකාව අඩි දෙකක් දක්වා දීර්ඝ වීමට හේතුවයි.

එසේම  අපේක්ෂකයන් සංඛ්‍යාව වැඩිවීම හේතුවෙන් ජනපතිවරණය සඳහා යන වියදම ඉහළ යන බවද සභාපතිවරයා ඊයේ (07දා) දිනයේදී ප්‍රකාශ කළේය.

Related posts

අන්තරේ කැඳවුම්කරු ඇප මත මුදාහරී

colombotoday

සේයා ඝාතනය කළේ කොණ්ඩයාගේ අයියාමයි, ප්‍රබල සාක්ෂි ලැබුණු බව පොලීසිය කියයි.

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට බිත්තර පාලන මිල ඉවතට

Admin

සරත් ෆොන්සේකා ජනපති සටනට

Admin

බ්‍රිතාන්‍ය හමුදා ශ්‍රී ලාංකිකයන් සමූල ඝාතනය කළා; සරත් වීරසේකර කතා කරද්දී බ්‍රිතාන්‍ය තානාපති හැරි හැරී බලයි

colombotoday

ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව බටහිර තානාපති කාර්යාල නිදිමරා දැවැන්ත ප්‍රයන්තයක් දරා ගත් ප්‍රතිඵලයක්..

colombotoday