Colombo Today Local News

මුස්ලිම් විවාහ නීති සංශෝ්ධනයට අගමැතිගේ අවධානය !!

මුස්ලිම් ජාතිකයන්ගේ විවාහ සහ දික්කසාද සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන නීති සංශෝධනය කිරීම සදහා රජය සූදානම් වන බව වාර්තාවේ. විශේෂයෙන් මුස්ලිම් කාන්තාවන් විවාහ වියයුතු අවම වයස් සීමාව සාමාන්‍ය පරිදි වයස අවුරුදු 18 දක්වා ඉහළ දැමීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බවයි අගමැතිවරයා පවසන්නේ.

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සදහන් කළේ ඊයේ (24) මෙරට සිටින රාජ්‍යතාන්ත්‍රික නිළධාරීන් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදීය.

පාස්කු ප්‍රහාරයෙන් පසුව රටතුළ පවතින ආරක්ෂක තත්වය හා රට සාමාන්‍ය තත්වයට පත් කිරීම සදහා රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් රාජ්‍යතාන්ත්‍රික නිළධාරීන් දැනුවත් කිරීම සදහා මෙම සාකච්ඡාව පැවැත්විණි.

රටතුර තිරසාර සාමයක් පවත්වාගෙන යාම සදහා රැඩිකල් තීරණ රැසක් ගැනීමට රජය කටයුතු කරන බව ද වික්‍රමසිංහ මහතා එහිදී සදහන් කර තිබේ.

මුස්ලිම් විවාහ නීතිය සම්බන්ධයෙන් කලෙක පටන් මෙරට සමාජය තුළ කතාබහක් නිර්මාණය වී තිබෙන අතර බොහෝදෙනා පවසන්නේ මුස්ලිම් සමාජයට පමණක් ඒ සදහා විශේෂ නීති අවශ්‍ය නොවන බවයි. විශේෂයෙන් බාල වයස්කාර දැරියන් විවාහ කර ගැනීම සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වන අතර බාල වයස්කාර දැරියන් විවාහ කර ගැනීම සාධාරණීකරණය කරන තවුහීද් ජමාත් නමින් පෙනී සිටින විවිධ රැඩිකල් මුස්ලිම් නිකායවලට මෙහිදී සාමාන්‍ය සමාජයෙන් බරපතල විරෝධතා එල්ල වේ.

අගමැතිවරයා පවසන්නේ මුස්ලිම් ජාතිකයන්ට පමණක් ඒ සදහා විශේෂ නීති අවශ්‍ය නොවන බවයි. ඔවුන් ද විවාහ සහ දික්කසාද සම්බන්ධයෙන් රටේ සාමාන්‍ය නීතිරීතිවලට යටත් වියයුතු බවත් ඊට අදාල නීති සංශෝධනය කිරීමට තම රජය බලාපොරොත්තු වන බවත් ඔහු රාජ්‍යතාන්ත්‍රික නිළධාරීන් සමග පවසා තිබෙනවා.

මීට අමතරව විවාදයට තුඩු දී ඇති මද්රාසා සහ අරාබි පාසල් සම්බන්ධයෙන්ද රජය ඉක්මනින් තීරණයක් ගන්නා බවත් එම පාසල් නියාමනය සදහා කටයුතු කරන බවත් අගමැතිවරයා පවසා තිබෙනවා.

Related posts

සජිත්ට නාමයෝජනා දෙන්න රනිල් ඇතුළු ජේෂ්ඨයෝ නොඑති.

colombotoday

අනුරගෙයි, විජිතගෙයි මතය ජවිපෙ බහුතර මතය නෙවෙයි – දිගු නිහැඬියාවකට පසු ලාල්කාන්ත කතා කරයි.

colombotoday

අර්ජුනගේ මාධ්‍ය මාෆියාවේ සන්ඩේ ලීඩර් සහ ඉරුදින මාධ්‍යවේදීන්ට වැටුප් නෑ !

colombotoday

විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා – සෝභිත හිමිගේ දේහය ඉදිරියේ ජනපති දිවුරයි

colombotoday

අළුත්වැඩියා කොන්ත්‍රාත්කරුවන්ගේ ගෙවීම් ගැන ප්‍රශ්නයක් : කරාපිටියේ සී.ටී ස්කෑන් නවතී

Admin

පවුලකට දිවි අහිමි කළ මහනුවර ගොඩනැගිල්ල නීතිවිරෝධී බව හෙළි වෙයි

colombotoday