World

මුස්ලිම් ජනතාවට උපත් පාලන ක්‍රමවේද හඳුන්වා දී ඇතැයි චීනයට චෝදනා

චීන කොමියුනිස්ට් පක්ෂය විසින් එරට මුස්ලිම් සුළුතරයට එරෙහිව දැඩි උපත් පාලන ක්‍රමවේද හඳුන්වා දී ඇතැයි යන චෝදනාව අමෙරිකා ආරක්ෂක ලේකම් මයික් පොම්පියෝ ගේ විවේචනයට ලක්විය.

ඔහු පවසන්නේ එය කම්පනකාරී සහ කරදරකාරී ක්‍රියාදාමයක්වන්නට ඇති බවය.

ජර්මන් පර්යේෂකයෙක් වන එඩ්රියන් සෙන්ස් විසින් චීනයේ සින්ජිආන් පළාතේ තත්ත්වය සම්බන්ධයෙන් සැකසූ වාර්තාවක් උපුටා දක්වමින් අමෙරිකා ආරක්ෂක ලේකම්වරයා ඒ බව පවසා තිබේ.

චීන රජය මගින් ප්‍රකාශිත ලේඛන විශ්ලේෂණය කළ විට සින්ජිආන් පළාතේ සාමාන්‍ය ජනගහන වර්ධනය සීඝ්‍ර ලෙස අඩු වී ඇති බව පෙනී යන බව සෙන්ස් පවසයි.

චීනයේ උයිගර් මුස්ලිම්වරුන් වෙසෙන ප්‍රදේශයේ ජනගහන වර්ධනය 2015ත් 2018ත් අතරදී 84%න් අඩු වී තිබෙන බවත් 2019දී එය තවත් අඩු වේ ඇති බවත් ඔහු පෙන්වාදෙයි.

මේ චෝදනා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සොයාබැලිය යුතු බව සමහරු පවසති.

නමුත් චීනය එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

Related posts

හිරු ගවේෂණයට යන ‘ආධිත්‍යා එල්.1’ රොබෝ යානය සෙල්ෆි ගහලා

Admin

ක්වොන්ටම් පරිගණක තාක්ෂණය හදුන්වා දීමට ඉන්දියාව සැලසුම් කරයි

colombotoday

ඉම්රාන් ඛාන්ගේ නැවත අලුත් වූ සිර දඩුවම

Admin

මියන්මාර හමුදා පාලනය – විරෝධතාවයේ පළමු මරණය වාර්තා වෙයි

colombotoday

පැය 24ට ඉතාලියේ මරණ 627ක්

colombotoday

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට වෙඩි තබයි

Admin