Colombo Today Local News

මුස්ලිම් ආගමික අමාත්‍යංශයේ අනුමැතියෙන් නේවාසික වීසා ලැබූ මුස්ලිම් ජාතිකයන් 200 ක් රට තුළ !

මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශයේ අනුමැතිය මත විදෙස් මුස්ලිම් ජාතිකයන් 200 කට වැඩි පිරිකට මෙරට මුස්ලිම් ආගමික කටයුතු සිදු කිරීම සඳහා නේවාසික වීසා නිකුත් කර ඇති බව හෙළි වී තිබේ.

පකිස්තානය, ඊජිප්තුව, බංග්ලාදේශය, සෞදි ඇතුළු රටවල් කිහිපයක පුද්ගලයන්ට මෙසේ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශයේ අනුමැතියෙන් නේවාසික වීසා නිකුත් කර තිබේ. මෙම පුද්ගලයන් අතර වහාබ්වාදය ඇතුළු අන්තවාදී ඉගැන්වීම් සිදු කරන පුද්ගලයන් සිටින්නේද යන්න සම්බන්ධයෙන් සැක කරයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය හේතුවෙන් නේවාසික වීසා ලබාදීම සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බවට රජය තීරණය කර තිබේ. ඊට හේතු වී ඇත්තේ විවිධ ආයතනවල නිර්දේශය මත නේවාසික වීසා ලබා දීමේදී ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි විවිධ අන්තවාදී කණ්ඩායම්වලට සම්බන්ධ පුද්ගලයන්ට රට තුළට පැමිණීමට ඉඩකඩ විවර වීමයි.

මේ නිසා නේවාසික වීසා ලබාදීමේදී ඒ සඳහා රාජ්‍ය බුද්ධි අංශයේ අනුමැතිය ලබා ගැනීම මින් ඉදිරියට අනිවාර්ය වේ. ඒ අනුව මින් පසු කිසිදු විදේශිකයෙකුට රාජ්‍ය බුද්ධි අංශයේ අනුමැතිය නොමැතිව නේවාසික වීසා ලබා ගැනීමට නොහැකි වනු ඇත.

මේ වනවිටත් රට තුළ නේවාසික වීසා මත රැඳී සිටින පුද්ගලයන් සම්බන්ධයෙන්ද රාජ්‍ය බුද්ධි අංශය හරහා වාර්තා ලබා ගැනීමටද නියමිත බවයි වාර්තා වන්නේ.

Related posts

දෙහිවල රතිබිම්බාරාම පාර, ඇළඉවුර ප්‍රදේශය හුදකලා කෙරේ

colombotoday

මුතුහෙට්ටිගමට එරෙහිව අගමැති අවි ඔසවයි.. ආණ්ඩුවෙන් නෙරපන්න යයි !!

colombotoday

“අපි කොටි සමරණවාමයි.. හැකිනම් නවතනු“ – TNA ශිවාජිලිංගම්ගෙන් රජයට අභියෝගයක්

colombotoday

හකීම්ගේ සහ බදුර්දින්ගේ ජාතිවාදයට එරෙහිව “මුස්ලිම් හඩ” සංවිධානයෙන් මාධ්‍ය හමුවක්

colombotoday

ලොකුම කුඩු තොගය පෑලියගොඩින් අල්ලයි.. වටිනාකම කෝටි තුන්සීයකට වැඩියි

colombotoday

බදියුදීන් අධිකරණයට අපහාස කරලා?

Admin