Colombo Today Local News

මුද්දුව මැණික් ව්‍යාපාරිකයාගේ පුතාට-මවටත් කොරෝනා

රත්නපුර මුද්දුව ප‍්‍රදේශයෙන් හමුවූ කොවිඞ් 19 වයිරසය ආසාදිත මැණික් ව්‍යාපාරිකයාගේ 15 හැවිරිදි පුතුට සහ  62 වියේ පසුවන එම ව්‍යාපාරිකයාගේ මවටත් කොරෝනා වැළඳී ඇතිබවට පීසීආර් යන්ත‍්‍ර මගින් කළ රෝගීන්ගේ සෙම පටල පරීක්‍ෂණ මගින් තහවුරුව ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.

මාර්තු මස මුල් භාගයේදී  කොරෝනා රෝගය වැළඳුණ බවට තහවුරු වූ මැණික් ව්‍යාපාරිකයා සහ ඔහුගේ බිරිඳත් දියණියත් මේවනවිට කොළඹ අයිඞීඑච් රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අංශ පවසයි.

එසේ පළමු වරට රත්නපුර මුද්දුව ප‍්‍රදේශයේදී කොවිඞ් 19 අාසාදිත රෝගීන් හමුවූ පසුව, ඔවුන්ගේ සමීප ඥාතීන් සහ සමීපව ඇසුරු කළ අය  71 දෙනෙකු නිවෙස්වලම නිරෝධානයට ලක් කිරීමට මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය අංශ ක‍්‍රියාත්මකව කටයුතු කර තිබුණි.

රත්නපුර මහ රොහලේ මේ මස 07 දින සිදුකළ පීසීආර් යන්ත‍්‍ර මගින් සිදුකළ සෙම පටල පරීක්‍ෂණයෙන් සහ අයිඞීඑච් රෝහල වෙත යොමුකළ සෙම පටල පරීක්‍ෂාවෙන් පසුව මෙසේ දෙවන වරට රත්නපුරයෙන් හමුවූ කොවිඞ් 19 වයිරස ආසාදිත රෝගීන් දෙදෙනා හඳුනාගත් බව රෝහල් බලධාරීන් පවසයි.

මෙම කොවිඞ් 19 ආසාදිතයින් දෙදෙනාම  කොළඹ අයිඞීඑච් රෝහලට වැඩිදුර ප‍්‍රතිකාර සඳහා යොමු කිරීමට කටයුතු කරන බව රත්නපුර ශීක්‍ෂණ රොහල් බලධාරීන් පවසයි.

Related posts

සදාකාලිකවම හිරගෙදරට යාමට හෝ මිය යාමට සූදානම් – නාමල් කුමාර

colombotoday

මීටර් 23ක් උඩ විසිවී පරලොව ගිය වයෝවෘද්ධ කත

colombotoday

හිටපු මන්ත්‍රී කේ. තුරෙයිරෙත්නසිංහම් කොවිඩ් ආසාදිතව අභාවප්‍රාප්ත වෙයි

colombotoday

උඩවත්ත කැළේ රක්ෂිතයත් විකුණන් කන්න පිඔුරුපත් සැකසේ

colombotoday

චම්පිකගේ රියේ ගැටී එළොව ගිහින් මෙළොව ආ සන්දීප් ගෙදර යයි.. තාම හරියට ඇවිදින්න බෑ

colombotoday

අපි විරුද්ධ වුනේ ඉස්ලාමීය අන්තවාදී ආගමික උම්මත්තකවාදයටයි. දැන් ප්‍රබුද්ධ සාකඡ්චාවකට යමු. ඥානසාර හිමි පවසති

colombotoday