Colombo Today Local News

මුතුරාජවෙල කුණු කන්දේ ගින්න සම්පූර්ණයෙන්ම මැඩ පවත්වයි… කඩොලාන පරිසරයට හානියක් නෑ !

මුතුරාජවෙල කුණු කන්දේ ඇතිවූ ගින්න මේ වන විට සම්පූර්ණයෙන් පාලනය කර තිබෙන බවට වාර්තා වනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගේ උපදෙස් පරිදි බස්නාහිර පළාත් ආණ්ඩුකාරවර සීතා අරඹේපොල මහත්මිය තත්වය පාලනයන කිරීමට අවශ්‍ය කණ්ඩායම් වෙත උපදෙස් ලබා දුන් අතර ත්‍රිවිධ හමුදාව ගිනි නිවීමේ ඒකක සහ පළාත් පාලන ආයතන වල නිලධාරීන් ගේ සහයෝගයෙන් ඇතිවූ හදිසි ගින්න මැඩ පැවැත්වීමට මේ වන විට හැකිවී තිබෙනවා.

තව ද කඩොලාන පරිසරයට හානි වී ඇති බවට සමාජ ජාල වෙබ් අඩවි හරහා පළවන වාර්තා අසත්‍ය වන අතර ඇති වූ හදිස්සි තත්වයෙන් කඩොලාන පරිසරයට කිසිදු හානියක් සිදු වී නොමැති බවයි වාර්තා වන්නේ.

අරුවක්කාලු කසල අංගනයට කොළඹ නගරයේ කුණු ගෙන යෑමට ගත් තීරණයට එල්ලවූ විරෝධය මත 2108 වසරේදී එවකට බස්නාහිර සහ මහ නගර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක මහතාගේ මැදිහත්වීමේන් මුතුරාජවෙල කඩොලාන පරිසරය වෙත කොළඹ කුණු මුදාහැරීමට තීරණය කෙරිණි. මෙම තීරණයට වරින් වර ප්දේශවාසීන්ගේ හා පරිසර සංවිධානවල දැඩි විරෝධය එල්ල විණි.

Related posts

CID මෙහෙයුමකින් බදියුදීන්ගේ කෝටි ගණනක ගැහිලි එළියට… හංගපු ෆයිල් 67ක් හමුවෙයි.. හොර ගනුදෙනු, අක්කර සිය ගණනක ඉඩම් ඔප්පු ඒ අතර…

colombotoday

සීතාවක පොඩ්ඩාගේ සමීපතමයෙකු අත්අඩංගුවේ

colombotoday

කොරෝනා මෘත දේහ බහාලන්න කාඩ්බෝඩ් මිනිපෙට්ටි හදයි

colombotoday

බන්ධනාගාර රෝහලට ඇතුලත්වෙන්න හැදු රූමි මොහොමඩ් යලි හරවා යැවේ.

colombotoday

ඥාණසාර හිමි අත්අඩංගුවට ගන්න පොලීසිය කල ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

colombotoday

අර්ජුන රණතුංග අධිකරණයට එයි

Admin