Colombo Today Local News

මුඛ ආවරණයේ සැගවා සිටි හෙරොයින්

ගණේමුල්ල, ගලහිටියාව ප්‍රදේශයේ දී මුඛ ආවරණයක් තුළ සඟවා ගෙන සිටි හෙරොයින් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (30)දින සවස 6ට පමණ ගණේමුල්ල දුෂණ මර්දන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.

එහිදී මුඛ ආවරණයක් තුළ තිබී කුඩා හෙරොයින් පැකට් 7ක් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් සැකකරු 36 හැවිරිදි “හුරුබුහුටියා“ යන අනුවර්ත නාමයෙන් හඳුන්වන ලබන පුද්ගලයෙක් වන අතර ඔහු ප්‍රදේශයේ පාසල් ළමුන් ඉලක්ක කර ගනිමින් හෙරොයින් ජාවාරම සිදුකරන බවට අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.

ගණේමුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Related posts

ඌව වෙල්ලස්ස සරසවියට නව කුලපතිවරයෙක්

Admin

අක්කරපත්තුවේ මෙහෙයුමකින් උණ්ඩ හා පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගනී

colombotoday

කාත්තන්කුඩියෙන් බෝම්බ සෑදීමට යොදා ගන්නා උපකරණ තොගයක් සොයාගනී

colombotoday

පුරාණ චාරිත්‍ර වාරිත්‍රවලට මුල්තැන දෙමින් සෞඛ්‍ය උපදෙස්වලට ද අනුගතව අලුත් අවුරුදු සමරන්න – ජනපති

colombotoday

චීන නෞකාව මෙරට මුහුදු සීමාවේ පර්යේෂණ කටයුතු අද සිට අරඹයි

Admin

විදුලි කප්පාදුවෙන් ආර්ථිකයට බර හානි…

colombotoday