Covid 19

මිනුවන්ගොඩ, පෑලියගොඩ කොවිඩ් පොකුර 10,000 ඉක්මවයි

අද (09)දින උදෑසන වන විට මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලෙන් වාර්තා වු කොවිඩ් – 19 වෛරස් ආසාදිතයින් ගණන 10,451ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඒ අතරින් මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවකයින් 1,041ක්, පෑලියගොඩ මාළු වෙළෙඳපොළෙන් පුද්ගලයින් 1,007ක් සහ ඉතිරි පුද්ගලයින් 8,403 දෙනා මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ ආසාදිතයින්ගේ සහ පෑලියගොඩ මාළු වෙළෙඳපොළේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වන බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වාර්තා කරයි.

මේ අතර, මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවකයින් 412ක් හා එම කම්හලේ සේවකයින්ගේ සහ මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවකයින්ගේ ආශ්‍රිතයින් 4,449 දෙනෙක් සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වාර්තා කරයි.

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1027ක් දක්වා ඉහළට

colombotoday

මෙරට 22 වන කොරෝනා මරණය වාර්තා වෙයි

colombotoday

නව කොවිඩ් ආසාදිතයින් 1,018ක්

colombotoday

හම්බන්තොට දිස්ත්‍රික්කයෙනුත් කොරෝනා රෝගීන් දෙදෙනෙක්

colombotoday

තවත් කොරෝනා ආසාදිතයින් 257ක් වාර්තා වෙයි.

colombotoday

නාත්තන්ඩියෙ කොරෝනා ආසාදිතයකු ගම්මාන ගණනාවක වියළි ආහාර ‍බෙදලා. මාරවිල ගම්මාන හයකට ඇතුල්වීම පිටවීම තහනම්

colombotoday