Colombo Today Local NewsCovid 19

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 1400කට ආසන්න වෙයි

මිනුවන්ගොඩ ඇගලුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිත කොවිඩ් පොකුරෙන් හඳුනාගෙන ඇති කොවිඩ් නයින්ටීන් ආසාදිත ගණන 1,400කට ආසන්න වී තිබේ.

ඒ ඊයේ (12) දිනයේ දී නව ආසාදිතයින් 90 දෙනෙකු හඳුනාගැනිමත් සමග ය.

ඊයේ දිනයේ අවස්ථා දෙකක දී ආසාදිතයින් 39 දෙනෙකු සහ ආසාදිතයින් 51 දෙනෙකු වාර්තා වී ඇති අතර ඒ අනුව එම කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයින් ගණන 1,397ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඊයේ දිනයේ හඳුනාගත් ආසාදිතයින්ගෙන් 40 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගෙන ඇති අතර අනෙක් ආසාදිතයින් 50 දෙනා මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ හඳුනාගෙන ඇති ආසාදිතයින්ගේ සමීපතමයින් බව වාර්තා වේ.

මේ අතර තුර්කි ජාතික ගුවන් සේවකයින් දෙදෙනෙකු කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ලෙස හඳුනාගැනීමත් සමග මෙරටින් වාර්තා වන සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 4,844 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව ආසාදිතයින් 1,514 දෙනෙකු මේ වන විට පූර්ණ වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

කෙසේවෙතත් සමස්ථ ආසාදිතයින්ගෙන් 3,317 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Related posts

මෙරට කොවිඩ් ආසාදිතයන් සහ මරණ පිලිබඳ හෙළිදරව්වක්

colombotoday

ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටී දෙදෙනෙකු මරුට – විදේශිකයෙකුත් ඒ අතර

Admin

දේශපාලන අර්බුදය හමුවේවිශේෂ පණිවිඩයක් රැගෙන ඇමරිකානු තානාපති ජනපති හමුවේ.

colombotoday

ඇමතිගේ ISIS සබදකම් ගැන වහාම සොයා බලන්න… ඔස්ට්‍රේලියා තානිපති අංශ දන්වයි…

colombotoday

මහින්ද රාජපක්ෂ නම්බුකාර ලෙස ඉල්ලා අස්වීය යුතුයි

colombotoday

දරුවන්ට පොලිතින් කැවූ විදුහල්පතිට මාරුවක්

Admin