Colombo Today Local News

මිදිගම රුවන් මෙරටට රැගෙන එයි

පාතාල ක්‍රියාකරුවකු සහ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන නදුන් චින්තක හෙවත් හරක් කටා නැමැත්තාගේ මස්සිනා මිදිගම රුවන් නමැත්තා අද (31) අලුයම මේ රටට රැගෙන එනු ලැබුවා.

ඩුබායි රටේදී එරට පොලිසිය විසින් මීට මාස දෙකකට පෙරදී අත්අඩංගුවට ගැනුණු මිදිගම රුවන් නමැත්තා මෙරටට රැගෙන ඒම සඳහා කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ පොලිස් අධිකාරීවරයකුගේ ප්‍රධානත්වයෙන් යුතු පොලිස් කණ්ඩායමක් එරටට ගොස් තිබුණා.

ඩුබායි රටේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක ඇතිවූ ගැටුමකට සම්බන්ධය යැයි කියමින් මොහු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණු බව උසස් පොලිස් නිලධාරියෙක් කියා සිටියා.

කටුනායක ගුවන්තොටුපළට රැගෙන ආ මිදිගම රුවන් නමැත්තා වැඩිදුර විමර්ශන සඳහා විශේෂ රැකවල් යටතේ කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයට රැගෙන ගොස් තිබෙනවා.

හරක් කටා නැමැත්තා මේ වනවිට රිමාන්ඩ් භාරයේ පසුවන අතර ඔහු රහස් පොලිසියේ රඳවා සිටියදී රහස් පොලිස් අත්අඩංගුවෙන් මුදවා ගැනීමට මිදිගම රුවන් නැමැත්තා එරට සිට සැලසුම් කර තිබිණි යැයිද වාර්තා වෙයි.

Related posts

ශ්‍රීලනිපයට සහාය නොදෙන ඒකාබද්ධයේ මන්ත්‍රීවරු ආසන සංවිධායකකමින් ඉවතට !!

colombotoday

ජනපති පෙරේදා පත්කළ ආණ්ඩුකාරවරුන්ගේ පුටු නැවතත් මාරු කරයි…

colombotoday

අගමැති මහින්ද කුරුණෑගලින් මහ මැතිවරණයට !

colombotoday

කතෝලික සභාවේ ශාසනික වචන අවභාවිතය හා සිංහල බෞද්ධ සංස්කෘතිකාංග මංකොල්ලකෑම සම්බන්ධව පැමිණිල්ලක්.

colombotoday

කාදිනල්තුමන්ට කොරෝනා

colombotoday

පෞද්ගලික අංශයේ සේවක වැටුප ගැන යෝජනාවක්

colombotoday