Colombo Today Local News

මැන්ඩෙලා ගිය මගේ යමු… ජනපති ලෝක නායකන්ට ඇරයුම් කරයි…

නෙල්සන් මැන්ඩෙලා ගමන් ගත් මගෙහි යාමට තමන් ලොව සියලූ නායකයින්ට ආරාධනා කරන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ එක්සත් ජාතීන්ගේ 73 වන මහා මණ්ඩල සැසි වාරයට සමගාමීව ඊයේ (24) පස්වරුවේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මුලස්ථානයේ දී ආරම්භ කෙරණු නෙල්සන් මැන්ඩෙලා සාම සමුළුව අමතමිනි.

නෙල්සන් මැන්ඩෙලා ජන්ම ශත සංවත්සරය සමරමින් මෙම සාම සමුළුව සංවිධානය කර තිබුණි.

සාමය, සංහිඳියාව සහ මානවවාදය පිළිබඳ ලෝකයට වැදගත් පාඩම් කියාදුන් විශිෂ්ට චරිතයක් වූ නෙල්සන් මැන්ඩෙලා චරිතය අද සියලූ ලෝක නායකයින් අධ්‍යයනය කළයුතු බව ද ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.

නෙල්සන් මැන්ඩෙලාගේ විශිෂ්ට චරිතය හා එම ගමන් මග සිහිපත් කිරිමට සිදුව ඇත්තේ අද ලෝකය ගමන් ගන්නේ එවන් මගක නොවන නිසා බව ද මෙහිදී පැවසූ ජනාධිපතිතුමා බලය අතහැරීම සහ බලය සීමාකිරීම පිළිබ`ද එතුමාගේ චරිතය ආදර්ශයන් රැුසක් ලබාදුන් බව සඳහන් කළේය. සාමය පිළිබඳ ගමන් මග ලොවට කියා දුන් ශ්‍රේෂ්ට මානවවාදී චරිතයක් වූ නෙල්සන් මැන්ඩෙලා චරිතය වෙනුවෙන් මෙවන් සාම සමුළුවක් සංවිධානය කිරීම පිළිබඳ ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ස්තූතිය පිරිනැමීය.

Related posts

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට කෙලගැසූ අටළුගම මුස්ලිම් ජාතිකයාට බරපතල වැඩ සහිත වසර 06ක සිරදඬුවම්.

colombotoday

පොලිස් පරීක්ෂක රංගජීව යළි සේවයේ පිහිටුවයි….

colombotoday

නිල සංචාරය අවසන් කරමින් ජනපති යළි දිවයිනට..

colombotoday

බන්ධනාගාර නිලධාරීන් 15ක ගේ වැඩ තහනම්.. 19ක් ස්ථාන මාරු

colombotoday

ලොහාන් රත්වත්තේ මහතා නව වැවිලි කර්මාන්ත අමාත්‍ය ලෙස දිවුරුම්දෙයි

Admin

“IMF ණය තාවකාලික සහනයක් පමණයි”: ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ස්ටීව් හෑන්ක් කියයි

Admin