Colombo Today Local News

මාස දෙකකට පෙර මා කීදේ ඇත්ත වුණා.. මට පොලිස් ඇමතිකම දුන්නානම් මෙහෙම වෙන්නෑ

අපරාධ මර්දනයට පත්කර සිටින පොලිසියේ ඇතැම් උසස් නිලධාරීන්, මත්කුඩු ජාවාරම්කරුවන් සහ අපරාධකරුවන් අතර සම්බන්ධතාව පිළිබඳව මීට මාස දෙකකට පෙර පාර්ලිමේන්තුවේදී තමා කළ හෙළිදරව්ව අද යථාර්ථයක් වී ඇතැයි ඇමැති ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

බීරි අලින්ට වීණා ගැයුවා සේ ඒ හෙළිදරව් කිරීමට  අදාළව කිසිවකු අවශ්‍ය පියවර නොගත් බවද ඇමැතිවරයා කියා සිටියේය.

අද පොලිස්පතිවරයාට පමණක් ඇතැමුන් චෝදනා එල්ල කළද පොලිස්පති පමණක් නොව පොලිස් කොමිසම සහ ඊට ඉහළින් සිටින අයද මීට වගකිවයුතු බව  ඇමැතිවරයා සඳහන් කළේය.

පොලිස්පති එම තනතුරට නුසුදුසු නම් ඔහු නම් කළ පොලිස් කොමිසම එහි වරද බාරගත යුතු බවත් සෙසු උසස් පොලිස් නිලධාරීන් නුසුදුසු තනතුරුවලට පත්කිරීමද වැරැදි බවත් ෆොන්සේකා මහතා කියා සිටියේය.

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය තමාට බාරදීමට සූදානම් වූ විට ජනාධිපතිවරයා ඊට විරුද්ධ වූ බවත් තමාට අදාළ ඇමැති ධුරය හිමිවූයේ නම් පොලිසියට මෙවැනි චෝදනා එල්ලවීමට ඉඩ නොතබන බවත් ඇමැතිවරයා පැවසීය.

තමා යුද්ධය අවසන් කළේ තනිවම නොව සේනාංකාධිපතිවරුන් සමග බවත් එදා තමා යටතේ සිටි හමුදා සේනාධිපතිවරුන් පිස්සු නැටුවේ නම් තමාටද හමුදාපති ලෙස සාර්ථක වීම අසීරු බවත් ඔහු කියා සිටියේය.

ඒනිසා පොලිස්පතිවරයාට පමණක් චෝදනා නොකර පොලිස් කොමිසම ද මේ නුසුදුසු යැයි කියන නිලධාරීන් පත් කිරීමේ වරද බාරගත යුතු බවද ඔහු පැවසීය. නැතිනම් පොලිස් කොමිසමෙන් ඇති වැඬේ කුමක්දැයි ද ඔහු විමසීය.

ලංකාදීප

Related posts

වව්චරේ දෙන්නෙ මෙහෙමයි… පළමු වසරට රු.400යි, 13වසරට රු.1000යි

colombotoday

ජැකලීන් ෆර්නැන්ඩස්ට මුදල් විශුද්ධිකරණ චෝදනා

colombotoday

අනුරගේ ආණ්ඩුවේ විදේශ කටයුතු ඇමති සුමන්තිරන්

Admin

ජනපතිගෙ කඩුවෙ එක පැත්තක් මොට්ටයි.. උදේට එකක් කියනව, හවසට තව එකක් කියනවා – එජාපයෙන් ජනපතිට නැවතත් ප්‍රහාර

colombotoday

රිෂාඩ් බදියුදීන්ට මල්වතු අස්ගිරි මහා විහාරවල දොර වැසේ !

colombotoday

රාජාංගණය ගොවි ජනතාව තාවකාලිකව සටන ජය ගනී..

colombotoday