Colombo Today Sports News

මාලි ගැන විශේෂ තීරණයක් ලබන 21 වනදා

බංගලාදේශය සමඟ පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා යොමු කර තිබෙනවා.

අදාළ තරගාවලියට තරග තුනක් ඇතුළත්.

දෙරට අතර පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් අනතුරුව ලසිත් මාලිංග එක්දින ක්‍රිකට් පිටියට සමුදීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසන්නේ.

කෙසේ වෙතත්, මාලිංගව ඉතිරි තරග ද්වීත්වය සඳහා සහභාගී කරගැනීමට තමන් බලාපොරොත්තු වන බවයි මෙරට ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා කියා සිටියේ.

ඒ සම්බන්ධයෙන් ලසිත් මාලිංගගෙන් ඉල්ලීමක් කර තිබුණ ද ඊට නිසි පිළිතුරක් නොලැබි ඇති බව ද සඳහන්.

පෞද්ගලික කාරණාවක් මත ඕස්ටේ්‍රලියාව වෙත ගොස් සිටින ඔහු ලබන 21 වනදා යළි මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඉන් අනතුරුව මාලිංග සමඟ මෙම කරුණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව ද තේරීම් කමිටු සභාපතිවරයා කියා සිටියා.

අදාළ එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු එක්දින තරගය ලබන 26 වනදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

Related posts

ලන්කන් ප්‍රිමියර් ලීග් තරඟාවලියට පැමිණි සොහේල් තන්වීර්ට කොරෝනා

colombotoday

ලොව ශ්‍රේෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයා පේලේ ජීවිතක්ෂයට

Admin

දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

colombotoday

තහනම් උත්තේජක අරන්… කුසල් ජනිත්ට ක්‍රිකට් තහනම්

colombotoday

මාලිංගට එකම ඕවරයේදී ලෝක වාර්තා තුනක්

colombotoday

ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම 2023 ලෝක ශූරතා දැල්පන්දු තරගාවලියට සුදුසුකම් ලබයි

colombotoday