එල්.ටී.ටී.ඊ යට එරෙහි යුද්ධය අවසන් කළ අවස්ථාවේදී සේවයේ යෙදී සිටි නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ‘ඇඞ්මිරල් ඔෆ් ද ෆ්ලීට්’ නිලයට උසස් කිරීමට යෝජනා වී තිබෙනවා. ඒ වනවිට සේවයේ යෙදී සිටි ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක ‘මාර්ෂල් ඔෆ් දි එයාර් ෆෝස්’ නිලයට උසස් කිරීමට ද යෝජිතයි.
මීට අදාළ මූලික කටයුතු මේ වනවිටත් සිදු කෙරෙමින් ඇතැයිද නෙත් නිවුස් වෙත වාර්තා වුණා.
නාවික හමුදාවේ ‘ඇඞ්මිරල් ඔෆ් ද ෆ්ලීට්’ සහ ගුවන් හමුදාවේ ‘මාර්ෂල් ඔෆ් දි එයාර් ෆෝස්’ යන නිලයන් යුද හමුදාවේ ‘‘ෆීල්ඞ් මාර්ෂල්’’ යන නිලයට සමාන වනවා