Colombo Today Local News

මහ බැංකු කොල්ලයේ වැරදිකරුවන් සිටින ආණ්ඩුවකින් බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙන්න බැහැ

මහ බැංකු කොල්ලයේ වැරදිකරුවන් වී සිටින පුද්ගලයින් ආණ්ඩු කරද්දී ඔවුන්ට ද`ඩුවම් දිය නොහැකි බවත් ජනතාව මෙම තත්ත්වය තේරුම් ගත යුතු බවත් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කළේය.

පවතින තත්ත්වය වෙනස් කිරීමට නම් ඔවුන් නොමැති ආණ්ඩුවක් පැමිණිය යුතු බවත්, මහ බැංකු කොල්ලයේ කුණු කන්ද කොලොන්නාවේ කුණු කන්දටත් වඩා විශාල බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඊයේ (27දා) පැවති ශ‍්‍රී ලංකා විගණන සේවා කොමිසමේ 61 වන වාර්ෂික මහ සභා රැුස්වීමට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

විගණන පනත පාර්ලිමේන්තුවේ සම්මත කිරීම ප‍්‍රමාද වුණේ ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ ක‍්‍රියාකලාපය හේතුවෙන් බවද ජනාධිපතිවරයා පැවසීය.

විගණකාධිපති දෙපාර්තමේන්තුවක් රටක නොමැති නම් ඒ රට පවතින්නේ කෙසේදැයි ප‍්‍රශ්නයක් මතු වන බව පැවසූ ජනාධිපතිවරයා, අද ඇතැම් අයට ප‍්‍රශ්නයක් වී ඇත්තේ මෙවැනි දෙපාර්තමේන්තුවක් පැවතීම යැයි ද කීවේය.

එහෙත් රටට ආදරය කරන නිලධාරීන්ට මෙවැනි දෙපාර්තමේන්තුවක වැදගත්කම අවබෝධ වී ඇති බවද හෙතෙම කියා සිටියේය.

අවංකව වැඩ නොකරන්නේ නම් නීති රීති කොතෙක් තිබුණත් වැඩක් නොවන බවද මහජනතාවගේ සම්පත් විනාශ කරන දෙපාර්තමේන්තු මෙරට ඇති බවද කී ජනාධිපතිවරයා මුල්‍ය පරිපාලනය හා වාර්තා ලබා දීම ගැන විගණන නිලධාරීන් තවත් ශක්තිමත් කිරීම අවශ්‍ය බව ද පැවසීය.

එනිසා විගණන සේවා කොමිසම පිහිටු වූ බවත්, නමුත් එය ක‍්‍රියාත්මක කිරීම අසීරු වූ බවත් පැවසූ ජනාධිපතිවරයා එයට විරුද්ධත්වය දැක්වූයේ දේශපාලනඥයින් නොව බලතල ලබා දෙනවාට අකැමැති රාජ්‍ය නිලධාරීන් බවද අවධාරණය කළේය.

මේ සඳහා ජනාධිපති කොමිසමක් පත් කළ බවත්, වැරදිකරුවන් කවුරුන්ද යන්න රටට හෙළි කළ බවත් කියා සිටි ජනාධිපතිවරයා ජනතාව තේරුම් ගත යුත්තේ එවැනි පුද්ගලයින් ආණ්ඩු කරද්දි ද`ඩුවම් දිය නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙන අතර එය වෙනස් කිරීමට ඔවුන් නොමැති ආණ්ඩුවක් පැමිණිය යුතු බව යැයිද ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

Related posts

හෙට සියලු රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කරන්න ජනපති දැනුම් දෙයි

Admin

“දැන් ඊළාම් රාජ්‍යයේ ඔප්පුව ලියල ඉවරයි.. මේ හදන්නේ ඔප්පුවට අනුව මායිම් කණු දාන්නයි” ඇල්ලේ ගුණවංශ හිමි

colombotoday

ණය ලබාදීම ගැන IMF නිල ප්‍රකාශයක් අද

colombotoday

මව පියා සහ පොඩි පුතු එක්ව ‘වැඩිමහල් පුතුගේ’ අත්දෙක කපා හිස කඳින් වෙන්කරයි.

colombotoday

අගමැති රනිල් එන සඳුදා බැඳුම්කර කොමිසමට කැඳවයි

colombotoday

ඔන්ලයින් ඉඩම් ලියාපදිංචි කිරීම කඩිනම් කරන ලෙස ජනපති කියයි

colombotoday