Colombo Today Local News

මහින්ද සගයෝ ‘නෙළුම් පොහොට්ටුවෙන්’ පුංචි ඡන්දයට

mahinda rajapakshaමෙම වසරේ දී පැවැත්වෙනු ඇති බවට අපේක්ෂා කරන පළාත් පාලන මැතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතාට හිතවත් දේශපාලන පක්ෂ හා කණ්ඩායම් ‘නෙළුම් පොහොට්ටුව’ ලකුණින් එම මැතිවරණය සඳහා ඉදිරිපත් වීමේ සූදානමකින් පසුවන බව වාර්තා වේ.

මේ වෙනුවෙන් දැනටමත් ‘අපේ නිදහස් පෙරමුණ’ නමින් ලියාපදිංචි දේශපාලන පක්ෂයක් සූදානමින් තිබේ. පසුගිය මහ මැතිවරණයට පෙර බැසිල් රාජපක්ෂ මහතාගේ මැදිහත් වීමෙන් එම පක්ෂය ලියාපදිංචි කර තිබිණි.

එහි දී එම පක්ෂයේ ලකුණ ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානය ප‍්‍රචාරක කටයුතුවල දී යොදා ගත් නෙළුම් මල ලබා දෙන ලෙස මැතිවරණ කොමසාරිස්වරයාගෙන් එවකට ඉල්ලා සිටිය ද එම නෙළුම් මල ජාතික සංකේතයක් ලෙස සැලකෙන බැවින් එය පක්ෂ ලාංඡනයක් ලෙස ලබා දීම ප‍්‍රතික්ෂේප කර තිබිණි.

පසුව එහි පෙති කිහිපයක් ඉවත් කර නෙළුම් පොහොට්ටුව ලබා ගැනීමට කොමසාරිස්වරයා එකඟ කරවාගෙන තිබිණි.

නමේ වෙනසක් :

ඒ කෙසේ නමුත් මෙම පක්ෂයේ නම වෙනස් කිරීම ඉදිරියේ දී සිදු වීමට නියමිතය. ඊට හේතු වී ඇත්තේ පක්ෂ නාමයේ ‘අ’ යන්නේ පටන් ගන්නා ‘අ’ අක්ෂරය අපාය අක්ෂරයක් ලෙස අක්ෂර ශාස්ත‍්‍රයේ දී ගණ පිහිටවන විට සැලකෙන බැවිනි.

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂය අනිවාර්යයෙන් ම උතුරු නැඟෙනහිර තෝරාගත් පළාත් පාලන ආයතන කීපයක් හැර රටේ සෙසු පළාත්වල ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා සඳහා වෙන වෙනම අපේක්ෂක කණ්ඩායම් ඉදිරිපත් කිරීමට සැලසුම් කොට තිබේ.

Related posts

අලි-මිනිස් ගැටුම විසදන්න, වල් අලි පෞද්ගලිකකරණය කරන්න.. මුදල් ඇමතිගෙන් යෝජනාවක්

colombotoday

හිටි හැටියේ පොසිටිව් එක නෙගේට්ව් වෙන්නේ නෑ. ඇමති අලි සබ්‍රිගේ නැන්දා ගැන සත්‍ය හෙළි කරන්න. | රසායනාගාර වෘත්තීයවේදීන් රජයට කියයි.

colombotoday

දේශද්‍රෝහීන්ට මරණ බිය දැනෙයි !!

colombotoday

අපිට ඡන්ද දුන් ජනතාව අමන්දානන්දයට පත්වෙලා

Admin

මහින්දගේ නායකත්වයෙන් අලුත් පක්ෂය 02 වෙනිදා මාතරදී එළිදකී

colombotoday

සතොස සහල් ගෙන්වීමේදී රුපියල් මිලියන 15,000ක මුදල් මගඩියක් – සෙලින්කෝත් හවුල් ?

colombotoday