Colombo Today Local News

මහින්ද අගමැති ලෙස දිවුරුම්දීම 09 වන ඉරිදා

මහින්ද රාජපක්ෂ මහතා එළැඹෙන ඉරිදා (09)දින උදෑසන අග්‍රාමාත්‍යධුරයේ යළි දිවුරුම්දීමට නියමිතය.

ලැබූ විශිෂ්ඨ මැතිවරණ ජයග්‍රහණයෙන් පසු අද (07)දින නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම රට තුළ තහවුරු කළ හැකි යැයි මහ මැතිවරණය ජයගැනීමෙන් සනාථ වන බවය.

2020 මහ මැතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පණිවුඩයක් නිකුත් කර තිබුණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලද අති විශිෂ්ඨ ජයග්‍රහණය වෙනුවෙන් ඡන්දය භාවිත කළ සියලුදෙනාට තමාගේ සහ පක්ෂයේ ප්‍රණාමය පුද කරන බව අග්‍රාමාත්‍යවරයා පවසයි.

කොවිඩ් වසංගතය හමුවේ ලෝකයම අකර්මණ්‍ය වී ඇති කාලයක පැවැත්වූ මැතිවරණයේදී ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කටයුතු කිරීමට ජනතාව ඉදිරිපත් වීම පිළිබඳව රටක් වශයෙන් සතුටට පත්විය යුතු බව එහි සඳහන් විය.

මේ අතර අග්‍රාමාත්‍යවරයා ලැබූ නව මැතිවරණ ජයග්‍රහණයට රටවල් රැසක රාජ්‍ය නායකයන් සුභාශිංසන පළ කළේය.

Related posts

පානදුර කාන්තා බූරු පිටියක් වටලයි. | පොලීසියෙන් මිදී පැනයාමටත් උත්සාහ කරලා

colombotoday

මෙවර ඡන්ද පත්‍රිකාව අඩි දෙකක් දිගයි- මැකෝ

colombotoday

කොරෝනා පැණිය නිෂ්පාදනයට තාක්ෂණික සහය

colombotoday

අටළුගම ෆාතුමාට අඩත්තේට්ටම් කල තවත් මුස්ලිම් 10ක් බන්ධනාගාර ගත කෙරේ

colombotoday

මුහුදු බඩ දුම්රිය මාර්ගයේ එක් තීරුවක් තාවකාලිකව වැසෙයි

colombotoday

ජයග්‍රහණය වෙනස්ම විදිහකට සැමරූ මතුගම පොහොට්ටුවේ අපේක්ෂකයා (PHOTO)

colombotoday