Colombo Today Local News

මහින්දට දෙන්න ගිය පීකොක් මන්දිරය හැදුව හැටි අහන්න ඒඑස්පී ලියනගේ අල්ලස් කොමිසමට කැදවයි

peacockජනවාරි 4 වනදා පස්වරුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින්නැයි තමන්ට දැනුම්දීමක් කර ඇතැයි ශ්‍රී ලංකා කම්කරු පක්ෂයේ නායක ඒ.එස්.පී. ලියනගේ මහතා පවසයි.

ඒ මහතාට අයත් රාජගිරියේ පිහිට රුපියල් කෝටි 73ක් පමණ වටිනා පීකොක් මන්දිරය ඉදිකිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මේ වන විට විමර්ශන සිදු කරන අතර ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහායි ඔහු අල්ලස් කොමිසට කැදවා තිබෙන්නේ.  එමෙන්ම අදාළ මන්දිරය ඉදිකිරීම සම්බන්ධයෙන් ඇති ලිපි ලේඛන ද එදිනට රැගෙන යන ලෙස අල්ලස් කොමිසම දැනුම් දී ඇති බව ලියනගේ මහතා ප‍්‍රකාශ කළා.

පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව එම මන්දිරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබා දීමට සූදානම් බව ඒ.එස්.පී. ලියනගේ මහතා මීට පෙර ප‍්‍රකාශ කර තිබුණා.

Related posts

අද පැයක විදුලි කප්පාදුවක්

colombotoday

මුහුණු පොත හරහා අලෙවි ජාවාරම් කල සිව් දෙනෙකු අත්අඩංගුවේ

colombotoday

වත්මන් ආණ්ඩුවට රට විරුවන්ට වඩා බෝරා මුස්ලිම්වරුන් වටින්නේ මුදල් නිසාද?

colombotoday

සමාජ ආරක්ෂණ බදු පනතට සංශෝධන ඇතුළු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Admin

විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් කටයුතු අංශය වැසේ

colombotoday

සිගරට් අලෙවිය වේගයෙන් පහලට

Admin