Colombo Today Local News

මර්වින් ජානාගේ කුඩු සල්ලි මාස එකොලහක් තුළ හුවමාරු වූ හැටි

කළුතර බන්ධනාගාරයේ සිට මෙහෙය වූ හෙරොයින් ජාවාරමක් පිළිබඳ ව කළුතර දිසා දූෂණ මර්දන ඒකකය විසින් තොරතුරු හෙළි කරගෙන තිබේ.

එහිදී පයාගල ප්‍රදේශයේදී සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

මේ අතර, අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ පොලිස් නිලධාරීන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ ඔවුන් හෙරෝයින් කිලෝ 130ක් පමණ ප්‍රවාහනය කිරීමට අනුබල දී ඇති බවය.

මීට අමතරව අත්අඩංගුවට ගත් පිරිස විසින් පොලිස් භාරයට ගත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 500කින් කිලෝ 08 ක්ද ජාවාරම්කරුවන්ට අලෙවිකර ඇති බවට තොරතුරු අනාවරණ වී තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් ‍බන්ධනාගාරගතව සිටින “මර්වින් ජානා”ගේ මුල්‍ය ගනුදෙනු සිදු කළ පුද්ගලයාගේ ගිණුමක මාස එකොලහක් තුළ රුපියල් කෝටි 14ක් හුවමාරු වී ඇති බවට පොලීසිය අනාවරණ කරගෙන තිබේ.

එම මූල්‍ය ගනුදෙනු පවත්වාගෙන ගිය මර්වින් ජානාගේ ගෝලයන් දෙදෙනෙකු ද පොලෙීසිය අත්අඩංගුවට ගත් බව ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

දේශබන්දු තෙන්නකෝන් මහතාට ලද තොරතුරකට අනුව පසුගිය 26 වනදා දෙහිවල පොලිසිය විසින් හෙරෝයින් කිලෝ ග්‍රෑම් එකකට අධික ප්‍රමාණයක් සමග මොරගහහේන කුඹුක ප්‍රදේශයේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගනු ලැබුවේය.

අනතුරුව රඳවා තබාගෙන සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ මුදල් හුවමාරු වූ ගිණුමක් සම්බන්ධයෙන් පොලීසිය තොරතුරු අනාවරණ කරගෙන තිබේ.

ඒ අනුව අත්තිඩිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික බැංකුව සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂා කිරීමෙන් අනතුරුව 65 හැවිරිදි අදාළ ගිණුමේ හිමිකරු වන මත්කුඩුවලට ඇබ්බැහි වූ ගාමිණී නම් පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම පුද්ගලයාව මෙහෙයවන ප්‍රධානතම පුද්ගලයෙක් ද පොලීසිය විසින් බෙල්ලන්දර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

අනතුරුව ඔවුන් දෙදෙනාව අද (03)දින පස්වරුවේ හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්කර රඳවා තබාගැනීමේ නියෝග ලබාගනු ලැබීය.

මීට සමගාමීව වේරහැර ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මුදල් හුවමාරු කරන විශ්‍රාමික බැංකු නිලධාරියෙක් ද පොලීසිය විසින් අත්ඩංගුවට ගෙන තිබේ.

මේ අතර විශේෂ කාර්ය බලකාය විසින් මරණීය දණ්ඩනය නියමව සිටින දෙමටගොඩ චමින්දගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවූ කාන්තාවක් මුල්ලේරියාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය සතුව තිබී හෙරෝයින් ග්‍රෑම් 251ක් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකාරියගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ දෙමටගොඩ චමින්ද විසින් දුරකථන ඇමතුම් ලබාගනිමින් සූක්ෂ්ම ලෙස මෙම ජාවාරම මෙහෙයවා ඇති බවය.

Related posts

අටුළුගම ජනතාව බොරු තොරතුරු දී නිලධාරීන් නොමග යවනවා

colombotoday

නව ව්‍යවස්ථාව හදන හැටි උගන්වන්න බ්‍රිතාන්‍ය උපදේශකයෙක් එයි !

colombotoday

ලක්ෂ 63 සමග මහ පාරේ අරගල කරනවා…

colombotoday

අප්‍රේල් පළමුදා සිට ළමා ඉතුරුම් ගිණුම්වලින් රජය 5%ක බද්දක් අයකරලා

colombotoday

මැතිවරණ කොමිසම අද රැස්වෙයි

Admin

ජේෂ්ඨ කලා ශිල්පීන් රැසක් ගෝඨාගේ සහයට එක්වෙයි…

colombotoday