Colombo Today Local News

මරණ දඬුවම අත්හිටුවමින් නිකුත් කර තිබූ තහනම් නියෝගය ලබන ඔක්තෝම්බර් 15 වැනිදා දක්වා දීර්ඝ කෙරේ

හෙරොයින් ජාවාරම්කරුවන් පිරිසකට මරණ දඬුවම ලබාදීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන තිබු තීරණය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් නිකුත් කර තිබූ තහනම් නියෝගය ලබන ඔක්තෝම්බර් 15 වැනිදා දක්වා දීර්ඝ කර තිබේ.

ලෝක මත්ද්‍රව්‍ය නිවාරණ දිනයේ පැවති රැස්වීමක් අමතමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හෙරොයින් ජාවාරම්වලට සම්බන්ධ ප්‍රධාන පෙලේ පුද්ගලයින් 4 දෙනෙකු එල්ලා මැරීමට තමන් අත්සන් කරන බව ප්‍රකාශ කළේ ය.

එම ප්‍රකාශය අනුව බන්ධනාගාරගත කර සිටින මරණ දඬුවම නියම වී සිටින හෙරොයින් ජාවාරම්කරුවන් කිසිවෙකුත් එල්ලා මැරීම වළක්වන්නැයි ඉල්ලා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ මරණීය දණ්ඩනය නියම වී ඇති පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 12 ක් ගොනු කරනු ලැබුවේ ය.

ඒ මෙම පෙත්සම් අද මුර්දු ප්‍රනාන්දු , එස්.තුරෙයි රාජා සහ යසන්ත කෝදාගොඩ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවු අවස්ථාවේ දී ය.

එම පෙත්සම් වැඩිදුර සලකා බැලීම සඳහා ලබන ඔක්තොම්බර් 14 වැනිදා යළි කැඳවීමට ද විනිසුරු මඩුල්ල එහිදී නියෝග කළේ ය.

Related posts

කොළඹ ජාත්‍යන්තර පාසලක ගුරුවරියක් හෙරොයින් සමග අත්අඩංගුවට

colombotoday

මහනුවර ඇසළ මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද

Admin

පාතාලයෙන් වෙඩි පිට වෙඩි.. අද කොච්චිකඩේ.. වෙඩිතැබීමකින් අයෙක් නසී

colombotoday

වඩිවේල් සුරේෂ් ට ජනපතිගෙන් අලුත් වගකීමක්

Admin

ත්‍රස්ත සැකකරුවන් නිදහස් කරන්න සතියයි දෙන්නේ – දෙමළ සන්ධානය රජයට කියයි

colombotoday

අමල් සහ නදිමාල් 27 වනදා දක්වා රිමාන්ඩ්

colombotoday