Colombo Today Local News

මන්නාරම සමූහ මිනීවළේ කැනීම් මාස තුනකට අත්හිටුවා පුරාවිද්‍යා වාර්තාවත් කැඳවයි

මන්නාරම සමූහ මිනීවළ කැනීම් කටයුතු මාස තුනකට තාවකාලිකව අත්හිටුවීමට තීරණයක් ගත් බව මන්නාරම අධිකරණ වෛද්‍ය විශේෂඥ සමින්ද රාජපක්ෂ මහතා පැවසීය.

මන්නාරම සමූහ මිනීවළේ ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් ඊයේ රාත්‍රී වන තුරු පැවැති සාකච්ඡාවකින් පසු මෙම තීරණයට එළඹ තිබේ.

මන්නාරම මහේස්ත්‍රාත්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවට අධිකරණ වෛද්‍ය විශේෂඥවරුන් කණ්ඩායමක්, රාජ් සෝමදේව මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පුරාවිද්‍යා විශේඥෂවරුන් කණ්ඩායමක්, අතුරුදන්වූවන්ගේ කාර්යාලය නියෝජනය කරමින් එහි සභාපති සාලිය පීරිස් මහතා හා තවත් සාමාජිකයෙක්, පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ අතුරුදන්වූවන්ගේ ඥාතීන් වෙනුවෙන් කිහිප දෙනෙකු ද සභාගී වී තිබේ.

දැනට කර ඇති කැනීම් සම්බන්ධයෙන් මාස තුනක් ඇතුළත පුරාවිද්‍යාත්මක විශ්ලේෂණ වාර්තාවක් ලබා දීමට මෙම සාකච්ඡාවේදී මහාචාර්ය රාජ් සෝමදේව මහතා එකඟත්වය පළ කර ඇති අතර එම වාර්තාව ලැබුණු පසු යළිත් වරක් සාකච්ඡාවක් පවත්වා ඉදිරි කටයුතු ගැන කතා බහ කිරීමට ද තීරණය වී ඇත.

එමෙන්ම මේ හා සම්බන්ධයෙන් තවත් වාර්තා කිහිපයක් ලැබීමට නියමිත බව ද සාකච්ඡාවේදී කියැවිණි.

කැනීම් කටයුතු මාස තුනකට තාවකාලිකව අත්හිටැවුවද මෙහි ආරක්ෂාව තර කර තිබෙන බවත්, දැනට මතුකරගෙන ඇති අස්ථි කොටස් විනාෂ වීම නැවැත්වීමට විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුව කටයුතු කරන බවත් අධිකරණ වෛද්‍ය විශේෂඥ සමින්ද රාජපක්ෂ මහතා කීවේය.

Related posts

දූෂණ මර්ධනය වෙනුවට දූෂණ වර්ධනය ! දූෂණ මර්ධන කාර්යාලය වසා දැමූ හේතුව මෙන්න..

colombotoday

චීනයෙන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 10ක පරිත්‍යාගයක්

colombotoday

තියුණු ආයුධයක් අරන් හිටපු ජනපතිගේ නිවසට ඇතුළුවෙන්න ගිය තැනැත්තා කියන කතාව !

colombotoday

මුස්ලිම් ජාතියට එරෙහි ලංකාවේ ජාතිවාදයක් ගැන අලි සබ්‍රි ලෝකයට කියයි. ජනාධිපතිගේ නීතිඥයා ලෙස අල් ජසීරා වාර්තා කරයි. ලංකාවට කුණු බැනුම්.

colombotoday

කැබිනට් මණ්ඩලයේ කයිවාරුව විතරයි, වැඩ නෑ.. රට කාලා – රවීගෙන් සැර කතාවක්

colombotoday

සැකකාර කොටින්ට පොදු සමාව එපා. ඒ වැඩේට අපිත් විරුද්ධයි – හෙළ උරුමය

colombotoday