Colombo Today Local News

මධූෂ්ගේ සාදයේදී පැනගිය අංගොඩ ලොක්කා අත්අඩංගුවට

මාකඳුරේ මධුෂ් ඩුබායි හිදී අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ පලාගිය තවත් ප්‍රබල පාතාල නායකයෙකු වන මද්දුමගේ චන්දන ලසන්ත පෙරේරා හෙවත් අංගොඩ ලොක්කා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඩුබායි පොලීසිය මගින් පසුගිය 06 වනදා මොහු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරියෙකු අප කළ විමසීමකදී සඳහන් කළේ.

අංගොඩ ලොක්කා නැමති මෙම පාතාල නායකයාට මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් මෙන්ම මනුෂ්‍ය ඝාතන ඇතුලු අපරාධ රැසක් පිළිබඳව චෝදනා එල්ලවී තිබෙනවා.

මේ අතර පාතාල නායක මාකඳුරේ මධුෂ් සමඟ සබඳතා පැවැත්වූ මෙරට සිටින පාතාල සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඒකාබද්ධවයි.

අන්දරවත්තේ චාමර නැමති පාතාල නායකයා ඊයේ අත්අඩංගුවට ගත්තේ පොලිස් විශේෂ කාර්ය බලකාය මට්ටක්කුලිය ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදියි.

එමෙන්ම මාතර දිස්ත්‍රික්කය තුළ සිටින මාකඳුරේ මධුෂ්ගේ ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලීසිය ඊයේ ප්‍රකාශ කළා.

ඩුබායිවලින් ලැබෙන වාර්තාවලට අනුව එරට පොලීසිය මාකඳුරේ මධුෂ් ඇතුලු සෙසු පාතාල නායකයන් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි වාර්තාවන්නේ.


Related posts

කබීර් හෂීම් මහා ඉඩම් වෙන්දේසියක.. රජයේ ඉඩම් අක්කර 59,000ක් විකිණීමට සියල්ල සූදානම් !

colombotoday

ගෝඨාභයට කේස් වැලක්! ළඟදීම අධිකරණයට?

colombotoday

රංගන හේරත්ටත් කොරෝනා

colombotoday

ඥානසාර හිමි “අල්ලාගේ ලබ්බ” කියලා කිව්වා – පොලිස් සහන මැදිරියට පැමිණිලි තොග පිටින් වැටේ

colombotoday

මෙහෙමත් පාවාදිමක්! කැතයි, ලැජ්ජයි – පෙරටුගාමීන් ජවිපෙ වාමාශිංක අඹුඩයත් ගලවා දමයි

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට අඩුවන ලිට්‍රෝ ගෑස් මිල ගණන් මෙන්න

Admin