Colombo Today Local News

මත් ජාවාරමුන් එල්ලා මැරීම ස්තීරයි… ළගදීම ක්‍රියාත්මක කරනවා – ජනපති නැවතත් කියයි

මරණ දණ්ඩනය නියම කොට එය නුඳුරේදීම ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා යළිත් වරක් අද (29 දා) පොළොන්නරුවේදී ප්‍රකාශ කළේය. 

පොලොන්නරුව තෝපාවැව මහා විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට එකවෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

“අද ටොක්කක් ඇන්නොත්, ළමයෙකුගේ කන මිරිකුවොත් පොලිසි යනවා. මොකද ඒ ළමයාට තියෙන ආදරේටද, කලාතුරකින් සීමාව ඉක්මවලා දරුවෙකුට දඩුවම් දෙන්න පුළුවන්.

ඒක වැරදි එහෙම කරනවානම් නමුත් ළමයෙකුට දඩුවම් කරන්නේ, කන මිරිකන්නේ, හිමින් ටොක්කක් අනින්නේ ළමයා හදන්න මිසක් නොහදන්න නෙමෙයි.

අම්මලා තත්තලා ගෙදර දරුවන්ට කොච්චර ගහනවාද, අද නමුත් අලුත් නීති රීති හැදිලා තියෙනවා ,මානව හිමිකම්,ගුරු මහත්වරු හිරේ යනවා. දරුවන් හදන්න ගිහින් හිරේ යනවා.එක තමයි මේ සමාජය හැදෙන්නේ නැත්තේ.

රටක් සමාජයක් හදන්න බුදුන් වහන්සේගේ දේශනාවේත් කියලා තියෙනවා. දඩුවම, දණ්ඩනය තියෙන්න ඕනේ කියල. එනිසා තමයි මත් ද්‍රව්‍ය ජාවාරම්කාරයින්ට මම මරණ දණ්ඩනය තීන්දු කරලා, ළඟදීම ඒක ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ.”

Related posts

රෝහිණි මැතිසබයේ ගංජා ගීතයක් ගයයි

Admin

සර්වාගමික හමුවේ උලමා නිරුත්තරයි.. ඤාණසාර හිමි ‘ජාතියේ අවනඩුව‘ ජනපතිගේ මූණටම දෙසයි !

colombotoday

ජනාධිපතිවරණ අපේක්ෂකයා පොහොට්ටුවෙන්මයි. වෙන පක්ෂවලට අඩව් අල්ලන්න බෑ

colombotoday

පදමට සුර්වූ අගමැති “හත්පොලේ ගා ගනී”

colombotoday

NMRA දත්ත මැකීම – එපික් ලංකා ටෙක්නොලොජීස් ආයතනයේ මෘදුකාංග ඉංජිනේරුවරයෙක් අත්අඩංගුවට

colombotoday

අධිකරණයට අපහාස කළ විශ්‍රාමික යුද හමුදා මේජර් නීතිඥ අජිත් ප්‍රසන්නට වසර 4ක සිර දඬුවමක්

Admin