Colombo Today Local News

මත්පැන් ජාවාරම්කරුවෙකුගෙන් අල්ලස් ගත් පොලිස් නිලධාරීන් තිදෙනෙක්ගේ වැඩ තහනම්

නීතිවිරෝධී මත්පැන් ජාවාරම්කරුවෙකුගෙන් රුපියල් 60,000ක අල්ලසක් ලබාගත් කෑගල්ල අරණායක පොලිසියේ නිලධාරීන් තිදෙනෙක් ගේ වැඩ තහනම්කර ඇති බව වාර්තා වේ.

උප පොලිස් පරීක්ෂකවරයෙක් සහ සැරයන්වරු දෙදෙනෙක් ගේ සේවය එසේ තහනම් කර ඇත.

නීතිවිරෝධී මත්පැන් ජාවාරම්කරුවෙකු ත්‍රීරෝද රථයකින් නීතිවිරෝධී මත්පැන් බෝතල් 80ක් ප්‍රවාහනය කරමින් සිටින විට මෙම නිලධාරීන් විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණි.

එම නීතිවිරෝධී මත්පැන් ප්‍රමාණය අඩුවෙන් සටහන් කිරීමට ජාවාරම්කරුගෙන් ඔවුන් තිදෙනා රුපියල් 60,000ක් ලබාගෙන ඇතැයි වාර්තා වේ.

කෑගල්ල සහකාර පොලිස් අධිකාරී කාර්යාලය ඒ පිළිබඳ ව පරීක්ෂණ සිදුකරයි.

Related posts

හරිනිගේ අනාගමික රාජ්‍යය ගැන හෙළිදරව්වක්

Admin

පාකිස්තානයෙන් මෙරටට ආ බහාලුමක හෙරොයින්

Admin

විභාග මධ්‍යස්ථාන ළඟ ඡන්ද වැඩ කළොත් අත්අඩංගුවට

colombotoday

මම ක්‍රිකට් ඇමති නොවේ.. සියලුම ක්‍රීඩා කටයුතු ගැන සොයා බලනවා – නව ක්‍රීඩා ඇමති නාමල් කියයි

colombotoday

පාර්ලිමේන්තුව විසුරුවන්න 3/2 ගැනීම දවල් හීනයක් !!

colombotoday

මහනුවර ඇසළ පෙරහැරේ විදුලි බිල ගැන අද විශේෂ සාකච්ඡාවක්

Admin