Colombo Today Local News

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයින් පස් දෙනෙකු ආපන ශාලාවක දී කොටු

අයිස් මත්ද්‍රව්‍ය ඇතුළු මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයින් පස් දෙනෙකු වස්කඩුව ප්‍රදේශයේ ආපන ශාලාවක දී අත්අඩංගුවට ගෙන තිබේ.

කළුතර දකුණ පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

එහිදි ඔවුන් සතුව තිබි අයිස් ග්‍රැම් 14යි මිලිග්‍රැම් 200ක්, කේරළ ගංජා ග්‍රෑම් 22ක්, මත්ද්‍රව්‍ය පානයට යොදාගන්නා උපකරණ දෙකක්, ත්‍රිරෝද රථයක් සහ රුපියල් 64,000ක මුදලක් සොයාගෙන තිබේ.

සැකකරුවන් වස්කඩුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් අද (08)දින කළුතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

ජාතික ජන බලවේගයේ අපේක්ෂක අසූර් ගුවන්විදුලි සංස්ථාවේ ඉංග්‍රීසි සේවයෙන් අන්තවාදය කියා දෙයි.

colombotoday

වනිඳු ට යලිත් තරග තහනමක්

Admin

කඨින චීවර පූජාව පැවැත්වීම ගැන නිවේදනයක්

colombotoday

අද විදුලිය කැපෙන වේලාවන් මෙන්න

colombotoday

මේ රටේ නීතියට යටත්ව කටයුතු කරනවා මිසක් මුස්ලිම් නීතියක් අටවාගෙන මෙහෙ කටයුතු කරන්න බෑ. අසාද් සාලිට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි -බෙංගමුවේ නාලක හිමි.

colombotoday

ස්පුට්නික් – V එන්නත් මාත්‍රා 120,000ක් කටුනායකට රැගෙන එයි

colombotoday