Colombo Today Local News

මත්ද්‍රව්‍ය නැතිව බන්ධනාගාර ඇතුළේ ආරවුල්.. රැඳවියන්ගේ සිහිවිකල් වෙයි.. 4ක් ජීවිතක්ෂයට

බන්ධනාගාර තුළට මත්ද්‍රව්‍ය රැගෙන ඒම වැළැක්වීමට පියවර ගැනීම හේතුවෙන් රැඳවියන් අතර ආරවුල් වැඩි වී තිබේ.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ රැඳවියන් අතර ගුටිබැට හුවමාරුවීමක් ද හට ගෙන ඇති බවයි බන්ධනාගාර ආරංචි පවසන්නේ.

හෙරොයින් භාවිතයට දැඩි ලෙස ඇබ්බැහිවූ බොහෝ රැඳවියන් හෙරොයින් නොමැතිවීමෙන් සිහිවිකල් ව හැසිරෙන බවද බොහෝ බන්ධනාගාරවලින් වාර්තා වුණා.

ඉකුත් සති දෙක තුළ හෙරොයින් පානයට ඇබ්බැහි වු රැඳවියන් 04 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඒ මීගමුව, කළුතර, කොළඹ රිමාන්ඞ් සහ බූස්ස බන්ධනාගාරවලදීයි.

ඉන් රැඳවියන් තිදෙනෙකු බන්ධනාගාර තුළදී සිය දිවිහානි කර ගෙන ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

මේ අතර සියලූ බන්ධනාගාරවල අධිකාරිවරුන් අද කොළඹට කැඳවා තිබේ. ඒ, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනියගේ මූලිකත්වයෙන් පැවැත්වෙන විශේෂ සාකච්ඡාවක් සඳහායි. මෙහිදී, මත්ද්‍රව්‍ය නොමැති වීමෙන් බන්ධනාගාර තුළ කළහකාරිව හැසිරෙන රැඳවියන්ගේ සහ අනෙකුත් රැඳවියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු පියවර සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකරන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

Related posts

“තෙල් වර්ජනය මට්ටු කළ අයුරින්ම සයිටම් විරෝධයටත් පිළිතුරු ලැබෙයි” – නෙවිල් ප්‍රනාන්දු

colombotoday

කර්මාන්ශාලා පවත්වාගෙන යාමට ඇදිරිනීති බලපත් නිකුත් කිරීම ආයෝජන මණ්ඩලය හරහා

colombotoday

කොළඹ සහ තදාසන්න ප්‍රදේශ ආශ්‍රිතව හමුදා රැකවල් තවදුරටත්

Admin

අගමැතිගෙන් නිවේදනයක්

colombotoday

ජනාධිපතිවරුන්ගේ හා මන්ත්‍රිලාගේ වරප්‍රසාද කැපෙන්නේ මෙහෙමයි

Admin

ලයිසන් නැති අය පැද්දොත් රටට වෙන්නේ කොතලාවල බස් එකට වුන දේ

Admin