27 C
Colombo
5 April 2025
Colombo Today Local News

මත්කුඩු ජාවාරමට එරෙහි වූ අන්තරායකර ඖෂධ මණ්ඩලයට ඇමති එරෙහි වෙයි

අන්තරායකාර ඖෂධ පාලක මණ්ඩලයමෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට පසුගිය මහ මැතිවරණයේදී නාම යෝජනා ලබානොදෙන ලෙස රටේ ප්‍රබල හඬක්‌ ගෙනගිය අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්‌ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා ඉවත් කිරීමට නීතිය සාමය සහ බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ අමාත්‍යාංශය ඊයේ (05 වැනිදා) පියවර ගෙන ඇත.

වෛද්‍ය නිලංග සමරසිංහ මහතා වෙනුවට නව සභාපති ලෙස විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිවරයකු වන එච්. එම්. සිරිසේන හේරත් මහතා පත්කර ඇත.

1984 අංක 11 දරන අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්‌ඩල පනතේ පරිච්ඡේද අංක 03 මගින් ඇමැතිවරයා වෙත පවරා ඇති බලතල අනුව හා ජනාධිපතිවරයාගේ එකඟතාවෙන් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්‌ඩලයේ සභාපතිවරයා ලෙස සිරිසේන හේරත් මහතා පත්කර ඇති බව නීතිය සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ අමාත්‍යාංශ ලේකම්වරයාගේ අත්සන ද නොමැති ලිපියක්‌ මගින් වෛද්‍ය සමරසිංහ මහතාට දැනුම් දී ඇත.

මෙහි වඩාත් හාස්‍ය වන්නේ ජනාධිපති ලේකම්වරයා වෙත යෑවූ ලිපියේ ඔබගේ අංක CඵෘරැSDරැ01රැSඡ ඨැබැර්ක දරන 2015.11.15 දිනැති ලිපිය අනුව (මෙම දිනය තවම උදාවී නැත) පිටපතක්‌ යොමුකර ඇති බවද නව සභාපතිවරයා පත්කළ ලිපියේ සඳහන් කර තිබීමයි.

මේ සම්බන්ධයෙන් වෛද්‍ය නිලංග සමරසිංහ මහතාගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ තමා තනතුරෙන් ඉවත් කිරීමට දූෂණයක්‌, අක්‍රමිකතාවක්‌ හෝ වෙනත් චෝදනාවක්‌ එල්ල වී තිබුණේ නම් තමා ඉවත් කිරීම පිළිබඳව සිතා බැලිය හැකි බවත් එවැනි කිසිදු චෝදනාවක්‌ නොමැති තමා ඉවත් කිරීම සිතා ගැනීමට නොහැකි බවත්ය.

තමා දකුණු ආසියාවේ රටවල් සමඟ මත්ද්‍රව්‍ය ජාවාරම, මිනිස්‌ ජාවාරම, මුදල් විශුද්ධිකරණ පනත උල්ලංඝනය කිරීම, ජෛව ජාවාරම ඇතුළු කරුණු රැසක්‌ සම්බන්ධයෙන් දකුණු ආසියානු බුද්ධි තොරතුරු ඒකකය පිහිටුවීමට කටයුතු කරමින් සිටින නිසා එය වැළැක්‌වීමේ අරමුණින් තමා ඉවත් කළේද යන්න සැක යෑයිද හෙතෙම කීය. මෙම තොරතුරු ඒකකය 2016 මාර්තු 01 වැනිදා ශ්‍රී ලංකාවේ ස්‌ථාපිත කිරීමට මේ වන විට එකඟතාව පළවී ඇතැයිද හෙතෙම කීය.

තමා සභාපතිවරයාව සිටි මාස 10 ක පමණ කාලයේ මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා ලැබූවන්ට නාම යෝජනා ලබානොදෙන ලෙස පක්‍ෂ ලේකම්වරුන්ට ඉල්ලීම් කිරීමෙන් පසු තමාගේ නිවස අසල නාඳුනන යතුරුපැදිකරුවකු දින කීපයක්‌ රැඳී සිටි බවත් එය පොලිසියට පැමිණිලි කළත් සැකකරුවන් මෙතෙක්‌ අත්අඩංගුවට ගෙන නොමැති බවත් ඒ මහතා අවධාරණය කර සිටියේය.

මේ සම්බන්ධයෙන් නීතිය සාමය සහ බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ අමාත්‍යාංශ ලේකම් ජගත් පී. විෙ-වීර මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා කියා සිටියේ ඇමැතිවරයාට පවරා ඇති බලතල අනුව හා ජනාධිපතිවරයාගේ එකඟතාව මත නව පත්කිරීම සිදුකර ඇති බවයි.

– දිවයින

Related posts

කොරෝනා අරමුදලට අස්ගිරි සංඝ සභාවෙන් රු මිලියන 5ක්

colombotoday

වැඩ කරන්න බැරි වුණත් ආණ්ඩුව ආපහු දෙන්නේ නෑ… මට ඇමතිකමක් තිබුණාම ඇති

colombotoday

පුංචි ඡන්දයට දින නියම කිරීම මාර්තු 9 වැනිදාට පෙර

Admin

වසන්ත සමඟ සාකච්ඡා බිඳවැටේ සහල් ආනයන කොට උඩ?

Admin

කින්නියා පුරාවිද්‍යා රක්ෂිතයෙන් සෙල්ලිපියක් හමුවේ – පැරණි ආරාමයක නටබුන් සොයා කැණීම් තවදුරටත්

colombotoday

පිටකොටුව තොග වෙළඳපොලෙන් අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ මිලදී ගැනීමට හෙට සිට අවසර

colombotoday